විජිත්ට අගමැතිකම..? හරිනි විදේශ...?

 


හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර විදේශ අමාත්‍ය ධුරයට පත් කරනු ඇති බව සති අන්ත මවුරට පුවත්පත වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා විජිත හේරත් මහතා පත් කරනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම සංශෝධන සිදුවනු ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

එකී සම්පූර්ණ වාර්තාවේ මෙසේ දැක්වෙයි.

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අසැබි වෙබ් අඩවියක සබැඳියක් මුද්‍රණය වී තිබීම හේතුවෙන් රට තුළ මතුව ඇති ආන්දෝලනය හමුවේ වහාම අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් දැඩි බලපෑම් පක්ෂ මූලස්ථානය වෙත එල්ල වෙමින් පවතින බවක් දැන ගන්නට තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මතුව ඇති තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා හරිනි අමරසූරිය මෙනෙවිය අගමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ ප්‍රබල සාකච්ඡාවක් මතුව ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පැලවත්තෙන් දැනුම්දීමක් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව, ජවිපෙ යෝජනා කොට ඇත්තේ හරිනි අමරසූරිය අගමැති ධුරයෙන් ඉවත් කොට ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක මහතා හට අගමැති ධුරය ලබාදෙන ලෙසටය.

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙ ස්ථාවරය වී ඇත්තේ පවතින අර්බුදය හමුවේ බිමල් රත්නායක මහතාට අගමැති ධුරය ලබා දුනහොත් ජාත්‍යන්තරයෙන් යම් යම් බලපෑම් එල්ලවිය හැකි බැවින් අගමැති ධුරය මධ්‍යස්ථ චරිතයක් වෙතලබාදීමටය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ තෝරා ගැනීම වී ඇත්තේ වත්මන් විදේශ අමාත්‍ය ධුරය දරන විජිතහේරත් මහතාය.

යම් හෙයකින් එසේ විජිත හේරත් මහතා හට අගමැති ධුරය ලබාදුනහොත් අගමැති ධුරයෙන් ඉවත් කරන හරිනි අමරසූරිය මෙනෙවිය හට විදේශ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවක්ද දැන ගන්නට තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළතයළිත් වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත."

12 Comments

  1. පොන්න පණික්කිය ඉන්න කාලෙ වගෙ අසමගි කම් නැති තැනක් පැලවත්ත. ඒකයි මෙවුන්දැලට ඉවසන් ඉන්න බැරි. තමන්ගෙ වාහෙලගෙ වැරදි හදා ගෙන වරෙං බං රටවල් කරන්න.

    ReplyDelete
    Replies
    1. Panikkia ratata sapayak

      Rata hosin yanawa
      Mun akul helanawa

      Delete
  2. හොඳ තීරණයක් අනිවාර්යයෙන්ම අගමැති කම වෙනස් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. E ay?

      me boru baila walata
      Haruniwa maru karanne ay?

      Lgbtq stuff spreads by wimal weerawansa and those monks

      Delete
  3. Weredda une Education Ministry eke. Eekata Education Minister Maaru karanna.

    ReplyDelete
  4. බූරු කුට්ටම කොහොම ඇනුවත් බූරුවො බූරුවෝමයි. රටට ඕන ලමා පෙලපොත්වලට ඇතුල් කරපු කුනුහරුප ප්රතිසංස්කරන ඉවත් කිරීම භිස මැති ඇමතිලා වෙනස් කිරීම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කොමෙන්ට් එක ටයිප් කරන්න හිටියෙ.

      Delete
  5. What s the point ? She might lost her post, but she is not the only one to blame. Every one has to go home. These idiots don't care about our children or our culture yet even our country. Then don't care about anyone other than their party & their members. They have done so much damage to.our country. Now they are going to finish off completely.

    ReplyDelete
    Replies
    1. එහෙමද ආස? සිරිකොතේ ගල් ආතල් දන්නෙ නැතුව වෙන්නැති මේ කියවන්නේ. යකෝ ගල් යුගේ ටෝක් දෙන්න එපා

      Delete
    2. Yako if you want to be homosexual or something other that's your desire ,man. That doesn't mean every one want to be. Dobby you might not have children but i do so fuck off.

      Delete
    3. උඹලෑ ලමයි ගල් කපන එක හොඳ නැද්ද බං කුඩු ගහනව ට වඩා

      Delete
  6. Meke comment karana buruwan ge mole gana mata dukai...Harini will be PM and Education Minster as usual... You caanot cark open NPP. They are solid as ever... Government only direct the education officers that we need education reforms..If officers make mistakes then they need to admit it and correct it...Goverment may or may not take actions against them as required...Pol buru katha nokara idapalla..Mole udada idagena inne.

    ReplyDelete
Previous Post Next Post