හැටන්
නගරයේ පැති විදියේ බලහත්කාරයෙන් විවෘත කර මාළු අලෙවි කල වෙළදසැලකට කිසියම් පිරිසක් ඇතුලු වි ප්‍රහාරයක් එල්ල කර එම වෙළදසැලේ මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශනය
කර තිබූ ශීතකරණවලට අලාභ හානි සිදු කර එම පිරිස පලා ගොස් ඇත.
සිල්ලර
කඩයක් පවත්වාගෙන යෑමට අවසර ඉල්ලා එම වෙළදසැලේ අයිතිකරු විසින් හැටන් දික්ඔය නගර
සභාව වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට ප්‍රථම එම
වෙළදසැලේ අයිතිකරු විසින් එම වෙළදසැලේ මාළු, කුකුළු මස් සහ තවත් ආහාර ද්‍රව්‍ය
රැසක් අලෙවි කරමින් සිටියදී එයට ප්‍රදේශයේ අනෙකුත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මතු
වූ විරෝධයක් හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා සහ හැටන්
දික්ඔය නගර සභාවේ නිළධාරින් එම වෙළදසැලේ අයිතිකරුවන් නගර සභාව වෙත කැදවා
ඉල්ලුම්පත්‍රයට අදාළ අනුමැතිය පිලිබද සලකා බැලීම 02/12 දින එක්රැස්වන හැටන් දික්ඔය
නගර සභාවේ මාසික සභා රැස්වීමෙදි තීරණයක් ගන්නා නිසා (28) දින විවෘත කල වෙළදසැල
නීත්‍යානුකූල නොවන බැවින්එය වසා දමන ලෙස එම වෙළදසැල් හිමියාට උපදෙස් ලබා දෙනු
ලැබූහ.
හැටන්
පොලිසියටද මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බලපත්‍රයට ලැබෙන තෙක් වෙළදසැල වසා දමන
ලෙස වෙළදසැල් හිමියාට උපදෙස් ලබා දි තිබියදී වෙළදසැල් හිමියා බලහත්කාරයෙන් යලිත්
වෙළදසැල විවෘත කර මාළු වෙළදාම් කරමින් සිටියදී වෙළදසැලට ඇතුලු වූ පිරිසක් වෙළදසැල තුල මාළු සහ කුකුළු
මස් ප්‍රදර්ශණය කර තිබූ ශීතකරණවලට සහ තවත් උපකරණ කිහිපයකට පහර දී අලාභ හානි සිදු
කර පලා ගොස් ඇත.
සිද්ධිය
සම්බන්ධයෙන් හැටන් පොලිසියට වෙළදසැල් හිමියාගෙන්ද පැමිණිල්ලක් කර ඇති අතර, හැටන්
දික්ඔය නගර සභාවේ සභාපති සහ ලේකම්වරියගේ උපදෙස් මත නගර සභාවේ ආදායම් පරිපාලකවරයා
විසින් නගර සභාවේ අනුමැතියකින් තොරව මාළු වෙළදසැලක් විවෘත කර අලෙවි කිරිම
සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.
රංජිත් රාජපක්ෂ

ෆුඩ් සිටි ටිකත් වහල දමන්න වෙයි වගේ
ReplyDelete