ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට විරෝධය පළ කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජන අරගල සන්ධානය පවසයි.
ප්‍රගතිශීලී වාමාංශික පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක ඒකාබද්ධ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව එම සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.
මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ වර්තමාන ශ්‍රී ලංකා රජය අනුගමනය කරන වැඩපිළිවෙළ දැඩි විවේචනයට ලක් කරමින් නාගමුව මහතා ප්‍රකාශ කළේ, රජය ඉතා දුර්වල හා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ද මෙම බරපතළ තත්ත්වය හමුවේ දියාරැ නිවේදනයක් නිකුත් කිරීමට පමණක් සීමා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
වර්තමාන පාලනය ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවන් මත කටයුතු කරමින් සිටින බවත්, මෙය පෘතුගීසි සහ ලන්දේසි යුගවල මෙරට පාලකයන් ආක්‍රමණිකයන් හමුවේ කටයුතු කළ ආකාරයට සමාන බවත් ඔහු පෙන්වා දුන්නේය. පාලකයන් පරාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.
ඇතිවී තිබෙන තත්ත්වයන් හේතුවෙන් කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය හා ඒ අවට මාර්ගයන්හි ආරක්ෂාව දැඩි කිරීමට විධිධාන යොදමින් ඇත.

වෙනිසියුලාවේ මිනිස්සු ප්‍රීති ගෝෂා නගනව ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා කියලා. මුන්ට අමු කැවිලද කොහෙද. අනෙක් කාරණය වෙනිසුලාවෙ මිනිස්සු ලංකාව කියල රටක් තියෙනවද කියලා වත් දන්නේ නැහැ.
ReplyDeleteමොන බොරුද?
Deleteලෝකෙ ඕනෑම රටක් ලංකාව ගැන හොඳින් දන්නවා.
ටිල්වින් කියල හැත්තෑවත් පැනපු මහල්ලෙක් තරුණයෙක් ලෙස ඉන්දියන් සාගරයේ තියෙන ලංකාව කියන රටේ ඉන්නවා කියල මේ ලෝකෙ බාල මහලු වැඩිහිටි සමරිසි සියල්ලෝම දන්නවා.
ඩෝබිල දන්නේ පච විතරමයි. ජෙප්පොන්ගෙ කක්කුස්සි හෝදන මරි මෝඩයෙක්
DeleteModa bayyo samari genamay kiyawanne
DeleteEwunata ranil ge odekkuwe hinne😂😂
හා හා හා හූ හූ හූ.....පුපේ තරමට ඇඩේ පරපන්
ReplyDeleteකෙලව ගනිල්ලා ආයි පාරක්, ලංකාවෙන් යවන භාණ්ඩ වලට ටැක්ස් වැඩිකර ගනිල්ලා.
ReplyDeleteසජියගෙ මතය මොකක්ද දන්නෙ නැහැ.
ReplyDeleteඅනුරගෙ මතයම තමයි. මුකපූට්ටු
Deleteවෙනිසුලාවෙ ලොක්ක ප්‍රරජාතාන්‍රිකව බලයට ආපු බැටලු හමක් පොරව ගත්ත කොමිනිස් කාරයෙක්. මිනිහ බස් ඩ්‍රරයිවර් කෙනෙක් ( සාමානය වැඩ කරන පන්තියෙ නායකයෙක් ) කියල තමා බලේ ගත්තෙ. බලයට ආවට පස්සෙ මිනිහට විරුද්ද ඔක්කොම හිරේ, නැත්නම් මරන දඩුවම දුන්න. හමුදාව ඇතුලෙ මිනිහගෙ මිනී මරු වැඩ කරන වෙනම හමුදාවක් හදාගත්ත. ඩුර්ග් ලෝඩ්ලත් එක්ක සෙට් වෙලා බිස්නස් කරා. අනිත් පැත්තෙන් ඩුරග් ලෝඩ්ල මිනිහට ආරක්සාව දුන්න. චන්ද තියන එක නැවැත්තුව. දින්නට බලේ දුන්නෙ නෑ. අපේ රටේත් ඉට සමාන තරමක් වෙනස් දෙයක් වේගන එන්නෙ. නමුත් අපේ එහෙම කරන්න බෑ, මොකද ලන්කාව නයවලින් දුවන හින්ද. මානව හිමිකම් කේස් එකක් ආවොත් නය නැති වෙනව. තෙල් වගේ තුරුම්පුවක් නැති එකත් ඒකට හේතුවක්. ඩයස් පෝරා එකේ ඇජන්ඩා එකත් ඕක. රටේ පාලනය ජන්ජාලයක් උනාම, උතුරෙ වෙන පාලනයකට යන එක ලේසියි. ජෙප්පො දිගටම අපි තමයි බලේ ඉන්නෙ වගේ කතා කියන්නෙ ඕක ඔලුවෙ තියන හින්ද. අපේ ඩෝබියො තාම 76 වසරෙ සාපෙ ගැන කිය කිය ඉන්නව.
ReplyDeleteනමුත් ඇමෙරිකාවේ ඉලක්කය බොහේ රාජ්‍යයන්ගෙන් ඔවුන්ට නැතිවූ සම්පත් ලෙහෙසියෙන්ම තම අසල්වැසි පුංච් රටක් ආක්‍රමණයෙන් ලබා ගැනීම.
Deleteකොහොමත් ප්‍රතිපත්තියට වඩා trup බද්ද ගැන ආණ්ඩුවත් බයයි වගේ.
ReplyDeleteකොමියුනිට්වාදය අවසන් කිරීමේ, ගමනක ඇරඹුම ද? දෙබිඩ්ඩන්ගේ මාධ්‍ය නිවේදන!
ReplyDelete“ස්වාධීන ස්වෛරී රාජ්‍යක් වන වෙනිසියුලාවට කඩා වැදී, එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින් එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදුකරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත් වීම අපි තරයේ හෙළා දකිමු.”
ඉහතින් දැක්වූයේ, ඇමරිකා එක්සත් ජනපද හමුදාව විසින් ඊයේ දින රාත්‍රියේ වෙනිසියුලාව ආක්‍රමණය කොට එරට ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ජීවග්‍රහයෙන් අල්ලා ගෙන ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණ, දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගත්, මුල් ඡේදය ය.
අපි ජනතා විමුක්ති පෙරමුණෙන් මෙසේ ඇසීමට කැමැත්තෙමු. එනම්:-
ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල ඇති කිරීම ද කළේ, මහජන ඡන්දයෙන් නීත්‍යානුකූලව තේරී පත් වූ ශ්‍රී ලංකා
රජයට විරුද්ධව ය. එසේ ම 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ල ද ඇති කළේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ රජයට විරුද්ධව ය. අප අසන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව, ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල ඇති කළේ ඇයි ද? යන්න ජවිපෙ විසින් කිව යුතු ය. එසේ ම 1987/88/89 කැරැල්ල ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අයිතියක් නැත. එය රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකි. ජනතා විමුක්ති පෙරමුණ අවි අතට ගැනීමට කිසිදු හිමි කමක් නැත.
අද නිකොලස් මධුරෝ වෙනුවෙන් ජවිපෙ පෙනී සිටියත් වෙනිසියුලානු ජනතාව, ඔහු වෙනුවෙන් පෙනී නො සිටින අවස්ථාවක ය. ඇමරිකානු මෙහෙයුම පිළිබඳව වෙනිසියුලානු ජනතාව ජය හා සතුට සමරන වේලාවේ, ජවිපෙ පෙනී සිටින්නේ කොමියුනිස්ට්වාදී සගයන් උදෙසා ය. කොමියුනිස්ට් හිත්වාදීබව වෙනුවෙන්, නිකොලස් මධුරෝ කොමියුනිස්ට්වාදී රටවල ප්‍රතිපත්ති සමඟ හිටගෙන කටයුතු කළහ. . රුසියාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, ලාඕසය, හා කිව්බාව සමඟ 100/% ක් ම මිත්‍ර පාක්ෂික ය.
ඇමරිකානු මෙහෙයුම කල් ඇතිව කළ බව පැහැදිලිය. රුසියානු හා චීන උතුරු කොරියානු බර අවි ඇතුලු න්‍යෂ්ටික අවි, ඇමරිකානු කලාපයක වෙනිසියුලාවේ රැඳවීමට ප්‍රථම ඇමරිකාව ක්‍රියාත්මක විය. එය කොමියුනිස්ට්වාදීන්ට මරු පහරකි. එසේ ම එය අති සාර්ථක මෙහෙයුමකි. ඉතිරි කොටස;
ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම ඔවුන්ගේ දේශපාලන උපන් ගෙහි හැටි ය. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදය ගෙඩිය පිටින් ගිල ඇති ජනතා විමුක්ති පෙරමුණට, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හා පලස්තීන හමාස් ත්‍රස්තයින් විසින් ඊශ්‍රායලට පහර දීම දැක්කේ නැත. 2022 පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන ලදී. එසේ ම 2023 ඔක්තෝම්බර් මස 7 වෙනි දින අලුයම හමාස් සටන්කාමී ත්‍රස්තයන් විසින් ඉශ්‍රායල් දේශසීමාව උල්ලංඝනය කොට, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 600 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය. 1000 කට අධික පිරිසක් තුවාල සිදු විය. 100 කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් පැහැර ගෙන ගියහ.
ReplyDeleteරුසියාව අනීතිකව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, යුක්‍රේන වැසියන් මිලියන 8 ට වැඩිය අවතැන් වී ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එම ආක්‍රමණය හෙළා දකින් ලදී. 2022 මාර්තු මාසයේ දී යුක්‍රේනයෙන් රුසියාව යුධමය වශ්‍යයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කළේය.
ජාත්‍යන්තර අධිකරණය විසින් රුසියාවට හමුදා මෙහෙයුම් අත්හිටුවන ලෙස නියෝග නිකුත් කරන් ලදී.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් හා තවත් හමුදා නිලධාරීන් කීප දෙනෙකුට වරෙන්තු නිකුතු කෙරෙණි. එම එක ද වරෙන්තුවක් හෝ ගණන් ගත්තේ පුටින් නො වේ.
රුසියන හමුදා විසින් නිල ලාංඡන නොමතිව යුක්‍රේනියානු ක්‍රිමියාව භූමිය් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලදී. ක්‍රිමියානු පාර්ලිමේන්තුව ද බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලදී. පසුව ජනමත විචාරණයකින් යුක්‍රේන රාජ්‍ය කොටසක් වන ක්‍රිමියාව 2014 දී රුසියා රජයට එක් කර ගත්තේ ය.
අද වනතුරු ජනතා විමුක්ති පෙරමුණ, එම පහර දීම් හෙළා දැක නැත. එක වචනයකුදු එම පහර දීම හා ආක්‍රමණය පිළිබදව නිවේදන නිකුත් කළේ නැත. නො දකින දෑස් ඇතිව, නො ඇසෙන කන් ඇතිව, සිටිය ජනතා විමුක්ති පෙරමුණ දැන් හදිසියේ අමුතු දැකීමක් ඇසීමක් ලද සෙයකි. 1971 දී ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ, රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව හා 1988/89/89 ඇති කළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වැරදි බව හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධි බව හෝ නීතියට පටහැනි බව හෝ කියා නිවේදන නිකුත් කොට නැත. ඒ වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද්දේ එම කැරලි දෙක ම සාධාරණීකරණය කිරීමට ක්‍රියා කිරීම ය. එයට එක් උදාහණයක් නම් 1971 කැරැල්ල මෙහෙය වූවන් අප්‍රේල් විරුවන් ලෙස “ බක් මහ විරු සමරුව” ලෙස එම කැරැල්ල මෙහෙය වූ රාජද්‍රෝහීන් සමරත්. 1987/88/89 කැරැල්ල මෙහෙය වූ රාජද්‍රෝහීන් “ඉල් මහ විරුවන්” ලෙස සමරත්. මේ දෙබිඩි පිළිවෙත ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ අනුගමනය කරත්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වත්මන් ජනාධිපතිවරයා ය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පටන් සියලු සාමාජිකයන්ගේ මේ දබිඩි පිළිවෙත අතිශයින් වංචනික බව නො කියා ම බැරි ය. රටට වින කළ රාජද්‍රෝහීන් මරුවන්, විරුවන් කළ හැටි අපූරු ය.
මේ වෙනස ඇත්තේ කොතන ද? කොමියුනිස්ට්වාදී න්‍යායේ ය. කොමියුනිස්ට්වාදීහු කොමියුනිස් නොවන සියලු දෙනා ම ද්‍රෝහීන් ලෙස සලකත්. තම කොමියුනිස්වාදී පක්ෂ සගයන්, කුමන් තරම් රාජ්ද්‍රෝහී ක්‍රියා කළ ද, දේශ ද්‍රෝහී ක්‍රියා කළ ද, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා කළ ද ඒ සැම ඔවුහු “විරුවන්” ලෙස සලකත්
දේශපාලන ළිං මැඩි පක්ෂවල හැටි බලනු මැන! දෙබිඩ්ඩෝ කොහේ සිටියත් දෙබිඩ්ඩෝ බව නො රහසකි.. කොළේ වසා ගැසීමට දක්ෂයෝ ය.