වෙනිසියුලා ප‍්‍රහාරය ගැන ජවිපෙ මතය වෙනයි.. රජයේ මතය වෙනයි..- විදේශ ඇමති

 


ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ඕනෑම රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන් හා ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් මෙම මූලධර්මවලට බැඳී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති අතර, එම ක්‍රියාවලිය ඉක්මන් කරන ලෙස ශ්‍රී ලංකාව ද යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ මූලික ප්‍රඥප්තීන් හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ දේශපාලන පක්ෂවලට විවිධ ස්ථාවරයන් තිබිය හැකි වුවද, රජයේ ස්ථාවරය ඊට වඩා පුළුල් වන බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ද වන අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ "ආණ්ඩුව යනු රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරන ආයතනයක්" බවයි.

ඒ අනුව, දේශපාලන පක්ෂයකට වඩා වෙනස්ව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට ගරු කරමින් රජය සිය ස්ථාවරය ඉදිරිපත් කරන බව ඔහු අවධාරණය කළේය

7 Comments

  1. ජෙප්පෝ ඈමරිකන් කාරයොන්ගේ ආර්තික ප්‍රතිපත්තිය, උන්ගේ ආගම, සහ උන්ගේ සාමාජීය ක්‍රියා (සමලින්ගික, පවුල් ආකෘතිය ) ප්‍රවර්දනය කරන ගමන් ඈමරිකන් කාරයට උපදේස් දෙන්න යනවා....විහිලුවක් ...

    ReplyDelete
  2. PERFECT CORRECT ANSWER- WELDONE WIJITHA

    as bankrupt country, we cannot do anything.

    wimal gammanpila who contribute to bankruptcy , now what are they telling

    ReplyDelete
    Replies
    1. Two faces, dual tongue. Onething in party statement, another in regime statement

      Delete
    2. දන්න සිංහලෙන් ලියපන් යකෝ,

      Delete
    3. මේ ඩෝබියන්ට තේරෙන්නෙ සිංහල විතරයි

      Delete
  3. These jeppo know how to play with words. They know their dobies get so high just hearing these words. This pathetic government is control by USA & INDIA. Anura or Harini are dancing to the tune of them nothing else nothing more.

    ReplyDelete
  4. ට්‍රම්ප් බය වෙලා ඡෙප්න්ගේ විරෝධතාව දැකලා.

    ReplyDelete
Previous Post Next Post