විමල්ගේ සත්‍යග‍්‍රහය අවසන් කරයි.. ඉසුරුපාය ඉදිරියේ රතිඤ්ඤා දල්වමින් ජයඝෝෂා..

 


හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව අධ්‍යාපන විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කිරීමත් සමඟ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිසක් දියත් කළ අඛණ්ඩ සත්‍යග්‍රහය නතර කර තිබේ.

පසුගිය දිනක ආරම්භ වූ මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වූයේ අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අහෝසි කිරීම සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

පාලක පාර්ශවය විසින් වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීම හේතුවෙන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස සිය විරෝධතා ව්‍යාපාරය මෙලෙස අවසන් කිරීමට තීරණය කර ඇත.

අවසන් කිරීමේ අවස්ථාවේදී පිරිස එම ස්ථානයේ ජයඝෝෂා කල අතර රතිඤ්ඤා දැල්වා ප‍්‍රිතිය පල කලහ.

15 Comments

  1. vimal weerawansa mathi thumata jaya weva

    ReplyDelete
  2. මොනවා උනත් පැලවත්තේ ඩයි මයිනා විමල්ට බයවුනා.

    ReplyDelete
  3. එතකොට හරිනි මැඩම් .... ?

    ReplyDelete
    Replies
    1. උන්ද ආප්ප බානවා.

      Delete
  4. කෝ අර මෙතන වැලලි වැලලී විමල්ට මඩ ගහපු රදා මාමා?

    ReplyDelete
    Replies
    1. ඌ හිග මුදල් ඉල්ලන්ඩ පැලවත්තට ගිහින්.

      Delete
  5. තරඟයේ වීරයා විමල්.

    ReplyDelete
  6. පුංචි විමල් ඉදිරියේ 2/3 බහුතර බලයක් තියෙන ආණ්ඩුව දන නැමූ වගයි.

    ReplyDelete
    Replies
    1. I love this comment. That's what really happened.

      Delete
    2. හුඟ දෙනෙක් තැන් තැන්වල ඇල්මැරුන උද්ගෝසණ කලත්
      ආණ්ඩුවට දැනෙන විදිහට නිල බලල එල්ලෙටම ප්‍රහාරය දුන්නෙ විමල් විතරයි.

      Delete
    3. විශාල ජයග්‍රහන ලබන්න විශාල අනුගාමිකයන් පිරිසක්වත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කමක්වත් අවශ්‍යය නොවන බව විමල් වීරවංශ සහෝදරයා
      අද ලෝකයටම පෙන්වීය.

      Delete
  7. මාලිමාන්ඩුවේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුලාගැනීමට දායකවූ ඔබ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට බොහෝම පින්.

    ReplyDelete
    Replies
    1. මෙය ශ්‍රී ලාංකික ජනතාව ලැබූ සුවිෂේශී ජයග්‍රහනයක්.

      Delete
  8. අනේ අපිට කට උත්තර නැතිවුණා. වීරප්පං සඕදලයත් හැංගිලා නේ.. හයියෝ වෙච්චි දෙයක්.. අපේ ඩෝබි ජොබ් එකත් ගහලයයි වගේ

    ReplyDelete
Previous Post Next Post