සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවාස යළි ඉදිකර ගැනීම සඳහා රජය මගින් ලබාදුන් වන්දි චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය හුදෙක් පරිපාලනමය සහ තාක්ෂණික කරුණු මත සිදු වූවක් මිස මුදල් නොමැති වීම නිසා සිදු වූවක් නොවන බවයි.
ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටින්නේ ජනාධිපතිවරයා අතින් පවුල් 17ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ප්රදානය කළ බවයි. රජයේ චක්‍රලේඛ අනුව, අදාළ මුදල් නිදහස් කිරීමට පෙර එම පුද්ගලයන් සමඟ විශේෂ ගිවිසුමක් අත්සන් කළ යුතු අතර, ඔවුන්ගේ ඉඩම්වල නිරවුල්භාවය පිළිබඳ ලියකියවිලි ද පරීක්ෂා කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවලිය අවසන් වන තෙක් අදාළ චෙක්පත් බැංකු ගිණුම්වලට තැන්පත් කිරීමෙන් වළකින ලෙස තමන් පුද්ගලිකවම එම ජනතාව දැනුවත් කළ බව ප්‍රාදේශීය ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, එම දැනුම්දීම නොසලකා ඇතැම් පිරිස් බැංකුවලට චෙක්පත් ඉදිරිපත් කිරීම නිසා මෙම අගරු වීම් සිදුව ඇති බව ඔහුගේ අදහසයි.
ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේ අදාළ ප්‍රතිලාභීන් 16 දෙනෙකු මුලින් එකඟ වූ ස්ථානවලම නිවාස ඉදිකිරීමට සූදානම්ව සිටියද, චෙක්පත් ලැබීමෙන් පසු ඔවුන්ගෙන් 11 දෙනෙකුම එම ස්ථානයේ නිවාස සෑදිය නොහැකි බවත්, අලුතින් ඉඩමක් මිලදී ගැනීමට සූදානම් බවත් තමන් වෙත පසුව දැනුම් දුන් බවයි.
එවැනි අවස්ථාවක වෙනත් පාර්ශවයකට අයත් දේපලක් වෙනුවෙන් රජයේ මුදල් නිදහස් කිරීමේ නීතිමය ගැටලුවක් පවතින බැවින්, එම 11 දෙනාගේ මුදල් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ඔහු පැවසීය.
එසේම, සම්පූර්ණයෙන්ම නිවාස හානි වූ ඇතැම් පිරිස් පදිංචිව සිට ඇත්තේ රක්ෂිත හෝ පදිංචියට නුසුදුසු ස්ථානවල බැවින්, එවැනි පිරිස් සම්බන්ධයෙන් දෙවනුව සලකා බැලීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට අගරු වූ චෙක්පත් යළි ලබාගෙන, ඒ වෙනුවට අලුත් චෙක්පත් නිකුත් කර ඔවුන්ට මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සහතික විය.
ස්ථානය වෙනස් කරන පවුල් සඳහා ගිවිසුම් අලුත් කිරීමට සිදුවන අතර, එය ඉදිරි සතියක කාලය තුළ නිරාකරණය කර නිවාස වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය
කොහොම හරි ඒකත් හෑවා
ReplyDeleteමිනිසුන් ඉන්නේ අසරණ වෙලා. ඔව්ව දෙනකොට අදාළ කරුණු සලකා බලා දෙන්න තිබුණා නේද. මෙවා මේ සංදර්ශන.
ReplyDeleteගිනුමේ මුදල් නොමැතිව චෙක් නිකුත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
ReplyDeleteඈ යකෝ චෙක් දුන්නේ ඉඩම්වල නිරවුල්භාවය බලන්නෙත් නැතුවද? මොකක් හරි නාට්‍යක් පෙන්නන්න ඕන නිසා ඕන්න ඔහේ දීලා දැම්ම නේද? නැට්ටේ ඉඳන් ගොම 😀
ReplyDeleteසන්දර්භයක්. නැත්නමි අයිතිය තහවුරු කරලා, ගිවිසුම් අත්සන් කරලා ඉවරවෙලා චෙක් දෙන්න එපායැ.
ReplyDeleteතොරණ” ගසා නම්බුව
ReplyDeleteරැක ගන්න සිතා,
චෙක් පත ලියා දුනි
ගිවිසුම් ඇතය කතා,
පුරවැසියන් “අන්දන”
බස හොඳට ගොතා,
නිරුවත් වුණා සේවය
නිලදරුගෙ ඉතා