ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රශ්න සහගත Ondesterone Injection එන්නත ලබාදීමෙන් අනතුරුව ඇතිවූ සංකූලතා ආශ්‍රිතව සැකසහිත මරණ දෙකක් සිදුවී සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත්, ආරම්භයේදී බැක්ටීරියා විස සහිත බවට ප්‍රකාශ කළ එම එන්නට සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ දෙවන පරීක්ෂණය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාද කිරීම සැක සහිත හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
සංකූලතා මතුවූ මුල් අවස්ථාවේදීම ඉතා අඩු කාලයක් තුළදී මහනුවර ජාතික රෝහලේ ශුද්ධ ජීව විද්‍යා අංශය තුළ සිදු කරන ලද මූලික පරීක්ෂණවලට අනුව අදාල එන්නත් කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගු වූ බවට වාර්තා නිකුත්ව ඇතැයි ඖෂධ නියාමන අධිකාරිය මගින්ම ප්‍රකාශයට පත්කර නමුත්, එම සාම්පල කොළඹ ගිනිමිත් පරීක්ෂා කොට බලා ඖෂධ නියාමන අධිකාරි රසායනාගාරය හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් හෝ සිදු කළ වාර්තා සති තුනක් ගත වී ඇතත් ප්‍රකාශයට පත් නොකරන්නේ කිසියම් කුමන්ත්‍රණකාරී සිදුවීමක් නිසා දැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.
එසේම මෙම ඖෂධ තොග වර්තමාන රජය යටතේදී අදාළ ඉන්දියානු සමාගම ලවා නිෂ්පාදනය කොට, එම සමාගම මගින් ලබාදෙන ලද තත්ත්ව පාලන සහතික රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් පිළිගෙන , රාජ්‍ය සංස්ථාව මගින් මෙම වසරේදී සෘජුව ආනයනය කොට ඇති තත්ත්වයක් යටතේ මෙම ප්‍රශ්න සහගත සිදුවීම සිදුවී සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් අදාළ ඖෂධවල සාම්පල ශ්‍රී ලංකා රජය මඟින් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා රසායනාගාරයකට යැවීමට මේ දක්වා සමත් වී නැති බව වාර්තා වීමද සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.
තවද මරණයට පත් වූ රෝගීන්ගේ රුධිරය ආශ්‍රිත පරීක්ෂණ වාර්තා අනුව එම රෝගීන්ගේ සිරුරු තුළ අදාළ බැක්ටීරියා මිස තිබුණේද නැද්ද යන්න පවා මේ දක්වා ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ලද ඖෂධ රැසක් දිගින් දිගටම තත්ත්වයෙන් බාල වෙද්දී වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධ සමාගම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, එවැනි අවස්ථාවලදී පවා තමන් මෙහි අනතුර පෙන්වා දුන් අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමන්ට සහ මෙම කරුණු පෙන්වා දුන් ජනමාධියට චෝදනා කළ බවද සඳහන් කරයි.
මෙම ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම හෝ ශ්‍රී ලංකා අතරමැදි සමාගම වගකිවයුතු නම් ඔවුන්ට විරුද්ධ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ නොමැතිව මෙම සිදුවීම කුමන්ත්‍රණයක් වන්නේ නම් එයට වගකීතු සියලු රාජ්‍ය නිලධාරීන් අධිකරණය හමුවට පමුණ ලෙසද විශේෂඥ වෛද්‍ය චමල් සංජව මහතා රජයෙන් ඉල්ලීමක් කරයි
ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම හා ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම ස්ථීර වශයෙන් සිදුකිරීමට පෙර විද්වත් කමිටුවක් වහා පත්කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා පසුගිය ජනවාරි පළමුදා ජනාධිපතිවරයා වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළේය. තවද දිගින් දිගටම සෞඛ්‍ය සේවය අර්බුද නිර්මාණය කිරීමට හේතුවන වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපතිවරයාද , නියාමන අධිකාරී සභාපතිවරයාද, සෞඛ්‍ය ලේකම්වරයාද දූර වලින් ඉවත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

ඩෝබිල නිවාඩු ද?
ReplyDeleteඅපරාදෙ, ඉස්සර හිටපු විපක්ෂෙ නැති පාඩුව. පෙලපාලි නෑ, විරෝධතා නෑ, කිසි කෙනෙක් හූම් නෑ.
ReplyDelete