සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
පසුගිය රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළේ යැයි කියන මෙම වාහන අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම්, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඒ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඔහු ප්‍රදේශයෙන් බැහැරව සිටීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.
කෙසේ වෙතත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද දින එහි පෙනී සිටින ලෙස කරන ලද දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස ඉදිරිපත් වී ඇත.
මෙම සිද්ධියටම අදාළව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා සහ සතොස ආයතනයේ හිටපු නිලධාරියෙකු මේ වන විටත් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

අති විශාල මහා පරිමාණ වංචාවකට ජොනියා අත් අඩංගුවට ගනී
ReplyDeleteඔය වගේම ඉතින් අර කන්ටේනර් 323 ගැනත් හෙව්ව නම් නීතිය නවන්නෙ නෑ කියලා හිතන්න තිබුනා. ජොන්ස්ටන් කියන වල් පරයා නම් දකින්නත් අප්‍රසන්න චරිතයක්. ඒත් මෙතන වෙන්නෙ නම් දේශපාලන පලි ගැනීමක්. මේ වගේ වැඩ වලින් වෙන්නේ ඇත්තටම නීතිය වල් වැදී, මිනිස්සුන්ට නීතිය ගැන විශ්වාසය ගිලිහී යාම.
ReplyDeleteමේ නිවිස් එක ලියලා තියන එකා ජොනියා උසාවියට යනකොට ගෙනියන්න ගත්ත දේවල් ගැනත් දන්නවා වගේ.
ReplyDeleteකොහොම උනත් මහ ජොනියයි පැටි ජොනියලයි ඔක්කොටම ඇට ටික පරිස්සං වෙන්න ලාච්චුවේ දාලා වහන්න ඕන. නාමල් බේබි ගෙ ළමයගෙ තාත්තා නේ එකෙක් මොනා උනත්.
ReplyDeleteබත් බැල අඳෝනාව
Delete