මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් විශේෂ ගණයේ අපරාධ සම්බන්ධ විමර්ශනවල ප්‍රගතියක් පවතින බවත්, එම සිද්ධීන්ට අදාළ තීරණාත්මක සාක්ෂි විනාශ කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධීන් බොහොමයක් අතිශය සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සාක්ෂි සඟවා ඇති හෝ විනාශ කර ඇති පුද්ගලයන් සොයා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළේය.
අදාළ විමර්ශන කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කෙරෙන අතර, ඒවා අවසන් කිරීම සඳහා යම් කාලයක් ගත විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.
විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයා නිරන්තරයෙන් සමාලෝචනය කරන බවත්, විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් මේ මොහොතේ ඇතැම් තොරතුරු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දශක කිහිපය තුළ මෙරට සිදුවූ විශේෂ ගණයේ ඝාතන ඇතුළු අපරාධ රැසකට මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බව නිරීක්ෂණය වේ. ඒ අනුව පහත සඳහන් ප්‍රධාන පෙළේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ 2015 බැඳුම්කර වෙන්දේසි සිදුවීම් සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කිරීමට උපදෙස් දී ඇත.
2022 වසරේ සිදුවූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා නොමැති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ වේගවත් කිරීමට නියමිතය.
2006 වසරේ සිදුවූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අතුරුදන්වීම පිළිබඳව නැවත විමර්ශන පැවැත්වේ.
2005 වසරේ සිදුවූ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තරාකී) ඝාතනය පිළිබඳ පරීක්ෂණ යළි විවෘත කිරීමට නියෝග කර ඇත.
2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට ද උපදෙස් ලැබී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතන මගින් සිදුකරන ඇතැම් පරීක්ෂණවල ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බැවින්, ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අමාත්‍යවරයා පොලිස්පතිවරයාට වැඩිදුරටත් දන්වා ඇත.

89 යේ කොළ කැල්ලක් දීලා ඇඳිරි නිතිය දාලා .....ඒ දවසේ ඉස්කෝලේ ගිහිල්ල ලමයින්ට ඉගැන්නුවා කියලා අයි ඩෙන්ටි කාඩ් එක අරගෙන මිදුලේ දන ගස්සලා ඔලුවට වෙඩි තියලා තියලා මරලා දාපු අපේ ගමේ විදුහල් පති සියා ගැන ප්රික්ෂනේ කරන්නේ කවදද ?
ReplyDelete89 ඉදන් 2025 වෙනකම් පොඉල් ගෑවද?
Deleteහරි හමන් ආන්ඩුවක් තිබුනේ නැද්ද ඕක කරපු එවුන් අල්ලන්න..
උබ මහ නිවටයෙක්
උන් තමා දැන් රට මෙහෙයවන්නේ. උඹට තරහා යන්නේ උඹත් එකෙක් නේද
Deleteබොරු කියන්න එපා, ඔයාලගේ ලොක්කාගේ කැබ් එක පිරෙන්න ෆයිල් තියනවා. කරුනාකරලා නඩු ඉදිරියට ගෙනියන්න. ලොක්කා ඇහින් දැක්කා වගේ සාක්ෂි දෙයි.
ReplyDeletevenezuela attack ekka balddi පාස්කු ඉරිදා ප්‍රහාරය nothing
Delete88/ 89 අර ගිනි තියාපු රාජ්‍ය දේපොළ
ReplyDeleteJEPPO 40,000 MERUWE KAWUDA ?
Deleteත්‍රස්තයො ඉවරයක් කරේ නැති ගොංකම
Deleteපාස්කුවේ මහ මොලකරු හොයන්නෙ නැද්ද? ආ ? මොනවා ?
ReplyDeleteAurudu ganan katawahan hetapaun 87/88/89 jana sanhara kalee unp annduwai dan baila gahapalla desapalana paksa 83 tahanam kale jr annduwai
ReplyDeleteත්‍රස්තයන්ගෙන් නූලෙන් බේරුනා
Deleteසානි කියල හාදයෙකුයි රයී කියල ඩෝප් කාරයෙකුයි ගැන හෙව්වනං ආයිබොවන්ඩ
ReplyDelete