මාලිමා අපේක්‍ෂකගේ හෝටලයෙන් කුණු කෑම තොගයක් අල්ලයි..

 


බේරුවල ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බ‍ලවේගයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකුට අයත් බව කියන අවන්හලක තිබී, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ ලේබල් රහිත ආහාර තොගයක් අත්අඩංගුවට ගැනීමට බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සමත් වූහ.

මහජනතාවගෙන් ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හදිසි වැටලීම සිදු කර ඇත. 

පරීක්ෂාවට ලක් කළ අවන්හලේ තිබී අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය අතර මස්, අයිස්ක්‍රීම්, කොත්තු සහ බැදපු ඉස්සන් වැනි දෑ අක්‍රමවත් ලෙස සහ සෞඛ්‍යාරක්ෂිත නොවන පරිදි ශීතකරණ තුළ ගබඩා කර තිබූ බව වාර්තා වේ. 

විශේෂයෙන්ම පිසූ ආහාර සහ අමු මස් වර්ග එකම ස්ථානයක බහා තිබීම වැනි බරපතළ සෞඛ්‍ය අවදානම් එහිදී නිරීක්ෂණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ. කුසුම්සිරි මහතා ප්‍රකාශ කළේ, අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකාරීත්වය කාහට අයත් වූවද

මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි වැටලීම් ඉදිරියටත් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අහිතකර ආහාර ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

4 Comments

  1. weldone . NPP ...........SEMATA EKA NITHIYA

    ReplyDelete
    Replies
    1. රංවල නීතිය සැමට එක නීතිය බව ඔප්පු කලා

      Delete
  2. PHI’s fault, right

    ReplyDelete
  3. වැටලීම කල phi ට නෙලල රස්සාවෙන් අස් කරල හිරේට යවයි. ඒකනෙ මාලිමා තියරිය.

    ReplyDelete
Previous Post Next Post