බුදුන් වහන්සේ අත්අඩංගුවට ඉතිහාසයේ පළමු පාලකයා අනුර දිසානායකයි...

 


පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ත්‍රිකුණාමලයේ වෙරළ සංරක්ෂණ කලාපයක් තුල බුදු පිලිමයක් තැන්පත් කලා කියලා භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු නවදෙනෙකුට එරෙහිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පැවරුවා.  එහි ප්‍රතිඵලයක් විධියට ඒ අය දැන් රක්ෂිත බන්ධනාගාරයේ.  ජනාධිපති උතුරට ගිහින් පොංගල් බත් කන කොට අපේ හාමුදුරුවරුන්ට ලැබුණේ හිර බත්.  අපේ බලංගොඩ කස්සප හාමුදුරුවන් උපවාසයක යෙදිලා ඉන්න නිසා උන් වහන්සේට හිර බත්වත් නෑ.

මේක නිරාගමික ආණ්ඩුවක්.  බෞද්ධ විරෝධි ආණ්ඩුවක්.  වසර 2,300ක ශාසනික ඉතිහාසයේ බුදුන් වහන්සේව අත්අඩංගුවට ගත් ලක් ඉතිහාසයේ පළමු පාලකයා විධියට අනුර දිසානායක මැතිතුමා ඉතිහාසයට එක් වෙලා ඉවරයි.  පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කාලයේ දීවත් බුදු පිලිමයක් අත්අඩංගුවට අරන් පොලිසියේ රඳවා ගෙන නෑ.  බෞද්ධයාට බුදු පිලිමයක් කියන්නේ ජීවමාන බුදුන් වහන්සේට සමානයි.  බුදු පිලිමයට වඳින්නේ බුදුන් වහන්සේ වඳිනවා කියලා හිතා ගෙනයි.  බුදු පිලිමයට බුද්ධ පූජාව තියන්නේ බුදුන් වහන්සේට දන් පිලිගන්නවා කියලා හිතා ගෙනයි.  බුදු පිලිමයට මල් පහන් පූජා කරන්නේ බුදුන් වහන්සේ වන්දනා කරනවා කියලා හිතාගෙනයි.  එහෙව් බුදු පිලිමය තමයි මාලිමා ආණ්ඩුව අත්අඩංගුවට ගත්තේ.

මේ බුදු පිලිමය තැන්පත් කලේ හන්දියක ගහක් යට නොවේ.  රජයේ ලියාපදිංචි පන්සලක.  නමුත් ලංකාව පුරාම වෙරළ සංරක්ෂණ කලාපයේ හෝටල්, ආපන ශාලා, වෙළඳසැල් තිබෙනවා.  මේ එකක්වත් පේන්නේ නැති වෙරළ සංරක්ෂණේට පෙනුනේ ලියාපදිංචි පන්සලක බුදු පිලිමය විතරයි.  ත්‍රිකුණාමලය වෙරළ විතරක්ම ගමු.  මේ පන්සලට අමතරව තවත් ආගම් දෙකක සිද්ධස්ථාන වෙරළ සංරක්ෂණ කලාපයේ තිබෙනවා.  හැබැයි මේ කිසිම අනවසර ඉදි කිරීමක් ආණ්ඩුවට පේන්නේ නෑ.  එතකොට අවාසියා දෘෂ්ටියාබාධා.  අපි ආණ්ඩුවට කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් සැමට සම සේ ක්‍රියාත්මක කරන්න.  එහෙම නැතිව බුදු දහම විනාශ කරන අවියක් බවට නීතිය පත් කරන්න එපා.

වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු බහුතරයක් ජවිපෙ භීෂණ සමයේ ජීවිතය බේරා ගත්තේ පන්සල්වල හැංගිලා.  දන්බත් වලින් පෝෂණය වෙලා.  සමහරු සිවුරු දරාගෙන ශ්‍රමණ වේශය අරගෙන බොරුවට මහණ වුණා ජීවිතය බේරා ගන්න.  තමන්ගේ ජීවිතය බේරා දුන්නු තමන්ව පෝෂණය කළ පන්සලට මාලිමාව මෙතරම් වෛර කරන්නේ කෙලෙහි ගුණයක් නැති නිසා කියලයි අපට පේන්නේ.

2 Comments

  1. මේ ආණ්ඩුව දෙමල ඩයස්‌පෝරුවේ අතකොළුවක් කියල දන්නෙ නැද්ද?.

    ReplyDelete
  2. අවසානයේ අනුරට වෙන්නේ උතුරේ පලාත් සභාවට ජන්දය ඉල්ලන්න.

    ReplyDelete
Previous Post Next Post