ඔඩිසාවේ කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ (KIIT) පැවති 77 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ වගකිවයුතු නායකත්වය, කලාපීය සහයෝගීතාවය සඳහා තරුණයින් විශාල මෙහෙවරක් ඉටු කළ යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
“නායකත්වය යනු තනතුරක් නොවේ. එය වගකීමකි. එය බෙදාගත් ඉලක්ක සපුරා ගැනීම සඳහා අන් අයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියකි,”
කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයට ප්‍රශංසා කරමින් රාජපක්ෂ මහතා පැවසුවේ,මෙම ආයතන තාක්ෂණය හා නවෝත්පාදනය පමණක් නොව, ක්‍රීඩා ක්ෂේත්රයේද උද්යෝගිමත් තරුණ නායකයින්ද හැඩගස්වන බවයි. අධ්‍යාපනය සඳහා මෙන්ම ක්‍රීඩාව පිළිබඳ සාක්ෂි ලෙස ඉන්දියා විශ්ව විද්‍යාල ක්‍රීඩා සහ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී මෙම ආයතනය ලබාගත් ජයග්‍රහණ පෙන්වා දුන්නේය.
අර්බුදකාරී කාලවලදී, විශේෂයෙන් 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා අතරතුර සහ දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබා දුන් ආධාර හා උපකාර සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ රාජපක්ෂ මහතා, අභියෝගාත්මක අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනතාවට ස්තූති කළේය.
කලාපීය සහයෝගීතාව අවධාරණය කරමින් ඔහු පැවසුවේ දකුණු ආසියාවේ සහයෝගීතාවය යනු හුදෙක් සටන් පාඨයක් පමණක් නොව, අපහසු කාල වලදී ඉන් ජය ගැනීමට සහ ශක්තිමත්, වඩා ස්ථාවර සමාජයන් නැවත ගොඩනැගීමට ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවයි. ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඔඩිසාහි ගෝලීය පිළිගැනීම ඉස්මතු කරමින්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඉවත් කිරීමේ සැලසුම් සහ ප්‍රජා බලගැන්වීම යන ක්ෂේත්රවල එහි දියුණුව ඔහු සඳහන් කළ අතර, දේශගුණික විපර්යාස ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව පැවසීය.
ඉන්දියාවට ඔඩිසාහි දායකත්වය පිළිබිඹු කරමින්,සුභාෂ් චන්ද්‍ර බෝස්, හිටපු ජනාධිපති වී. වී. ගිරි සහ වත්මන් ජනාධිපති ද්‍රෞපදී මුර්මු වැනි ජාතික නායකයින් උපුටා දක්වමින් රාජපක්ෂ මහතා, සංස්කෘතිය, අනන්‍යතාවය සහ නූතනත්වය සහජීවනයෙන් හා ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳ ප්රතිරූප ලෙස විස්තර කළේය.
1950 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මගින් පුරවැසියන් අත යුක්තිය, නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය තහවුරු කරන ලද බව සඳහන් කරමින්, ඉන්දියාවේ ජනරජ දිනයේ වැදගත්කම ද ඔහු සිහිපත් කළේය.තවද නිදහස ලබුණේ සටන් කිරිමෙන් බවද නාමල් රාජපක්ෂ පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින්, රාම-රාවණ වැනි ජනප්‍රවාද සහ ක්‍රිකට් ඇතුළු පොදු දේ ගැන ඔහු සඳහන් කළ අතර, ඒවා දෙරට අතර අඛණ්ඩ බැඳීමක් ඇති කරන බවද පැවසීය.
කලාපීය භූ දේශපාලනය නාමල් රාජපක්ෂ පැවසුවේ වෙනස්වන ගෝලීය බලය මධ්‍යයේ ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික වැදගත්කමක් ලබා ගනිමින් සිටින බවයි. ආධිපත්‍යය හෝ යැපීම මත පදනම් වූ ප්රවේශයන්ට එරෙහිව ඔහු අනතුරු ඇඟවූ අතර, ඒ වෙනුවට ස්ථාවරත්වය සහ සාමූහික වර්ධනය සහතික කිරීම සඳහා හවුල් අවබෝධය, වගකීම සහ සමෘද්ධිය ඉල්ලා සිටියේය.
සිය දේශනය අවසන් කරමින් රාජපක්ෂ මහතා ඔඩිසා, ශ්‍රී ලංකාව සහ පුළුල් කලාපය පුරා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේ තම නායකත්වය නිපුණතාවය, චරිතය සහ ධෛර්යය තුළ පදනම් කර ගන්නා ලෙසයි.
ක්‍රියාත්මක කිරීමකින් තොරව සටන් පාඨ අසාර්ථක වන බවත්, ආචාර ධර්ම නොමැතිවීම බලය සූරාකෑමට තුඩු දෙන බවත්, දරිද්‍රතාවය, රැකියා නියුක්තිය, තාක්ෂණය සහ ජාතික ගෞරවය සම්බන්ධ අනාගත අභියෝගවලට මුහුණ දීමට ධෛර්යය අත්‍යවශ්‍ය වන බවත් ඔහු අවධාරණය කළේය.

නියමයි අපේ අනාගත විපක්ෂ නායකතුමනි
ReplyDeleteඉතා පරිණත කතාවක්. අපේ කයිය නයක රට ගියාම කියන්නේ ම පිස්සු හේතුව අධික හීන මානය
ReplyDelete