2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සමීපව නිරීක්ෂණය කළේය.
එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත, මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරු සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ. අරවින්ද ශ්‍රීනාත් මහතා ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටේ මිනිස්සු පඟර නැට්ටගේ සීනි බෝල කතා සීනි බෝල වැඩවලට රැවටිච්ච කාලය ඉවරයි.
ReplyDeleteනම් විතරයි. වැඩ නැහැ
ReplyDeleteඇත්තටම මුන්ට උපදේශකයො නැද්ද?. මොනවද මේ කරන සෙල්ලම් වැඩ?. නොදකින් මුන්. යකෝ, මිනිස්සුන්ට තමන්ගෙම තැනක ඉන්න රජයකින් උදව් කරන එක එකක්, මේ රටේ බොහෝ මිනිස්සුන්ට තමන්ගෙම තැනක් තියනව. මුන් හදන්නෙ මේ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ කියල ලෝකෙට කියන්නද?...... නැත්නම් උඹල තමයි මේ රටේ මිනිස්සුන්ට ඉන්න තැනක් දුන්නෙ කියන්නද?
ReplyDeleteව්‍යාජ දෙමල මුස්ල්ම් ඉතිහාසයක් ලියන්න හදනවා. හීන්නූලෙන් දෙමල ඉලාමක් හදන්න හදනවා. සිංහලයාගේ ඉතිහාසය විකුර්තිකරලා.
ReplyDeleteclear
Delete6-වැනි ශ්‍රේණියේ දරුවන්ට adult content ඇති වෙබ් අඩවියකට නිල පාසල් පොත් හරහා යොමු කිරීම, ළමා ආරක්ෂාව උල්ලංඝනය කරන බරපතළ කාරණාවක් වන අතර, එය ළමා අපචාරයක්. රටේම සිඟිති දරුවන් එකවර දුෂනය කල ජනපති ඉල්ලා ඇසි විය යුතුයි
ReplyDelete