එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්, කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ යන භේදයකින් තොරව පැතිර යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
එමෙන්ම සමාජයක් ලෙස සිය වගකීම ඉටු කරමින් මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්ව ඒ වෙනුවෙන් කැප වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි.
වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටම එකට ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනක් පමණක් නොව, ඊට ගොදුරු වූ දරුවන් පුනරුත්ථාපනය කර හොඳ වෘත්තීය පුහුණුවක් ලබා දී ගමට, රටට වැඩදායී පුරවැසියෙක් බවට පත් කරන ජාතික වැඩසටහනක් බවයි.
අද දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි විශ්වාසනීය ආණ්ඩුවක් පළමු වතාවට රට තුළ ගොඩනැගී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා, කුඩා තැන්වල යළි ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයක නිරත වුවද, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.
එමෙන්ම උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළ බවත්, මේ වසරේද විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා එම මුදල් නිසි ලෙස භාවිත කරමින් ජනතාවට එම සංවර්ධන ප්‍රතිලාභ හිමි කර දීමට මැදිහත්වන ලෙසද දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
මම විවිධ අවස්ථාවල මෙම යාපනය දිස්ත්‍රික්කයට පැමිණ මෙහි ජනතාව මුණ ගැසි තිබෙනවා . ඒ සෑම අවස්ථාවකටම වඩා සුවිශේෂී අවස්ථාවකටයි අද මම සම්බන්ධ වෙන්නේ. ඒ අන් කවරක්වත් නොවේ, අපේ තරුණ පරපුර, අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිල ගනිමින් තිබෙන මත්ද්‍රව්‍ය උවදුර පරාජයට පත් කිරීමේ අරමුණින් තමයි අද අපි මෙම අවස්ථාවට එක් වන්නේ.
අපිට රටක් ලෙස විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පරිවර්තනය කළ යුතුයි. අපේ රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. අපේ රට තුළ සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. එය හොඳ රටක් ගොඩනැඟීම සහ දරුවන්ට හොද ආනගතයක් උදා කර දීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණු වෙනවා.
එහෙත් අද මෙම සියලු අපේක්ෂා සහ බලපොරොත්තු යථාර්ථයක් වීම එක් අභියෝගයක් හමුවේ අනතුරකට පත්ව තිබෙනවා. ඒ අනතුර තමයි මේ විෂ මත්ද්‍රව්‍ය අනතුර. කිසිදු තැනක්, කිසිදු පුරවැසියෙක්, කිසිදු නගරයක්, ගමක් බේදයකින් තොරව මේ ව්‍යසනය පැතිර යමින් තිබෙනවා. මෙය පරාජයට පත් කළ යුතුයි. ඔබ දන්නවා අපේ රටේ අම්මලා, තාත්තලා තමන්ගේ දරුවන් පිළිබඳ විශාල අපේක්ෂාවකින් යුතුව හදා වඩා ගන්නවා. එම සියලු බලාපොරොත්තු මේ විෂ මත්ද්‍රව්‍ය උවදුර හමුවේ අඩපණ වී තිබෙනවා. දුප්පත්, පොහොසත්, දෙමළ, සිංහල බේදයකින් තොරව මේ ව්‍යසනය පැතිර යමින් තිබෙනවා.
මේ මත්ද්‍රව්‍ය මගින් උපයා ගන්නා විශාල ධනයේ බලය විසින් අපේ රාජ්‍ය යාන්ත්‍රණයට අත පොවා තිබෙනවා. බන්ධනාගාර තුළ අත්අඩංගුවේ සිටියදී මෙම ව්‍යාපාරය කරමින් සිටිනවා. ඉතා කාර්යක්ෂම සේවාවක් අපේ පොලිසිය ඉටු කරන ගමන් එහි කිහිප දෙනෙක් මෙම ව්‍යාපාරයේ ගොදුරු බවට පත්ව තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේවායේ වැඩ කරන දුර්වල නිලධාරීන් මෙහි ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවයේ වැදගත් තැන්වල මේ උවදුරට ගොදුරු වූ රාජ්‍ය නිලධාරීන්ව අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දරුවන් මෙහි ගොදුරු බවට පත්ව තිබෙනවා නම් රාජ්‍ය සේවය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා නම් අපි රටක් ලෙස ගමන් කරමින් සිටින්නේ කොතැනටද කියා සිතා බැලිය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන් මේ ව්‍යාපාරය පරාජයට පත් කළ යුතුයි.
එදා දේශපාලන රැකවරණය මේ ජාවාරම්කරුවන්ට ලැබුණා. ඇතැම් පළාත්වල දේශපාලඥයින් මේ කුඩු ලේබල්වලින් හඳුන්වන්න පටන් ගත්තා. අපි ඔබට එක සහතිකයක් ලබා දෙන්නම්. නැවත අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණය නොලැබෙන ආණ්ඩුවක් මේ රටේ ජනතාව ගොඩනගා තිබෙනවා. අද මේ අත්අඩංගුවට ගැනීම් සඳහා තිබෙන යාන්ත්‍රණය පිරිසිදු වී තිබෙනවා. හැබැයි තවමත් තැනින් තැන අපිට සමහර දේ වාර්තා වෙනවා.
මා එම සියලු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර ගනුදෙනුව නවත්වන්න. ඔබට තෝරා ගැනීමට මාවත් දෙකයි තිබෙන්නේ, ගනුදෙණුව අතහරින්න, නැත්නම් රාජකාරියෙන් ඉවත් වෙන්න. කුඩු ව්‍යාපාරිකයන්, පාතාලය සමඟ ගනුදෙනු කරමින් රාජකාරි කරන්න කිසිසේත් ඉඩක් නොමැති බව සහතික කරනවා.
ඒ නිසා කිසිදු පැකිලීමකින් තොරව මේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ පිරිසිදු කිරීමේ අභියෝගයට අපි මුහුණ දෙනවා. ඒ වගේම අපේ රටේ පොදු ජනතාව මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතුයි. ඔබගේ දරුවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් නොවිය යුතුයි. ඒ නිසා රජයක් ලෙස අපගේ වගකීම වන්නේ මේ ව්‍යසනය පරාජය කිරීමයි. එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවට මා ඔබට සහතික වෙනවා.
මේ උතුරේ තරුණයන් කාලයක් යුද්ධයකට යට වී විනාශ වුණා. දෙමාපියන් තම දරුවන් ගැන බියෙන්, සැකෙන් ජීවත් වුණා. යුද්ධය අවසන් වී කෙටි කාලයකදී නැවත මෙම පළාත් පියවරෙන් පියවර මේ මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. මේ දරුවන් බේරාදෙන ලෙස දෙමාපියන් අපෙන් ඉල්ලනවා. ඒ නිසා දේශපාලන අධිකාරිය ලෙස මෙය පරාජය කළ යුතු බවට අපි තිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා. ඒ වගේම මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍යයි. අපරාධකරුවන්ට අපි බිය විය යුතු නැහැ. බිය විය යුත්තේ ඔවුන්. ඒ නිසා ඔබ පෙරට එන්න. ග්‍රාම සේවා නිලධාරීන්, පොලීසිය මේ වෙනුවෙන් පත් කර ඇති නිලධාරින් ඉන්නවා. අපි සියලුදෙනා රට පුරා මහා ආරක්ෂක වළල්ලක් වගේ කටයුතු කරමින් එකට එක්ව මේ ව්‍යසනය පරාජය කරනවා යන තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් මෙය පරාජයට පත් කළ හැකියි. ඒ වෙනුවෙන් ඔබ සුදානම් වෙන්න.
මෙයට ගොදුරු වී සිටින්නේ අපේම දරුවන්. අපි අසමත් වී තිබෙනවා ඔවුන් එයින් බේරා ගැනීමට. මෙහි වග උත්තරකරුවන් වන්නේ මීට ගොදුරු වූ තරුණයින් පමණක් නොවෙයි, ඔවුන් බේරා ගැනීමට අසමත් වූ අපිත් මෙහි වගඋත්තරකරුවන්. වගකීම් පැහැර හැරීම නිසා තමයි දරුවන් මීට ගොදුරු වී තිබෙන්නේ.
ඒ නිසා අපි වැටලීම් සිදු කර දරුවන් විතරක් අත්අඩංගුවට ගැනීමෙන් ඵලක් නැහැ. මෙහි උඩම සිටින පිරිස් අත්අඩංගුවට ගත යුතුයි. මෙම ජාලය අඩපණ කළ යුතුයි.
ඒ වගේම මේ වැඩසටහන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනක් පමණක් නොවෙයි. ඊට ගොදුරු වූ දරුවන්ට අපි හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතුයි. ඒ නිසා අපි රට පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගණනාවක් ඇති කරනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔබගේ දරුවා ඊට භාර දෙන්න. නැවත අපි ඔබට ඔබ අපේක්ෂා කළ දරුවා ලබා දෙන්නම්. ඔහුට වෘත්තීය රැකියාවක් පුහුණු කර ගමට, රට වැඩදායී පුරවැසියෙක් බවට පත් කරන්නම්.
දේශපාලන අධිකාරිය ලෙස අපි මීට සම්පුර්ණ නායකත්වය ලබා දෙනවා. කිසිදු බිය ගැන්වීමකට හෝ තර්ජනයකට යටත් නොවී මේ සන්නද්ධ අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් රටින් මුලිනුපුටා දමන බවට මම ඔබට සහතික වෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා සහෝදරත්වයෙන් ජිවත්වන හොඳ රටක් අපිට අවශ්‍යයි. දශක ගණනාවක් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණා. අපිට කිසිවක් ලැබුණේ නැහැ. යුද්ධය නිසා උතුරේත්, දකුණේත් දෙමාපියන්ගේ දරුවන් අහිමි වුණා. එහි අවසාන ශේෂ පත්‍රය මහා ව්‍යසනයක්. ඒ නිසා යළි ගැටුම් අති නොවන සහෝදරත්වයෙන් සහ ළෙංගතුකමින් ජීවත්වන ජාතියක් අපි ගොඩනැගිය යුතුයි. ඒ නිසා කිසිදු තැනක, කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
මම දන්නවා තැනින් තැන සුළි කැරකෙනවා. පෝයට සිල් ගන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට එනවා. එතන තිබෙන්නේ සීලය නොවෙයි, වෛරය. ඒ වගේම සෑම පෝයකටම ගිහින් ඒ පන්සල ළග වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නොවෙයි, ජාතිවාදය වෙනුවෙන්. මම අපේ බුද්ධි අංශවලට උපදෙස් දුන්නා හොයලා බලන්න කියලා, ඒ හැම පෝයකටම ඇවිල්ලා එතන කෑ ගහන කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා. ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල යළි ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අපිට අවශ්‍ය ජනතාව ගහගන්න රටක් නොවෙයි. අපිට අවශ්‍ය සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. අපිට අවශ්‍ය අනෙකා කෙරෙහි සැකයෙන් බලන තරුණයන් නොවෙයි. අනෙකා කෙරෙහි ආදරයෙන්, විශ්වාසයෙන් බලන තරුණයින් අපිට අවශ්‍යයි. අපි ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙනවා. පළමුව හොඳ ආර්ථික ශක්තියක් ඇති කළ යුතුයි. ක්‍රීඩාවට සමාන අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. සාහිත්‍යයට, කලාවට, චිත්‍රපටියට මේ යාපනයේ අලුත් තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතුයි. තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතුයි.
ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවට මා ඔබට සහතික වෙනවා. ඔබ පළමු වතාවට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මීට පෙර උතුරේ තිබුණු මතය වූණේ දකුණේ සිංහල ආණ්ඩුවක් තිබෙනවා, උතුරේ අපිට දෙමළ ආණ්ඩුවක් ඕනේ කියලා කිව්වා. දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා උතුරේ ජනතාවට දැණුනේ නැහැ.
හැබැයි මම ඔබට එකක් කියන්නම් දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා දකුණේ ජනතාවට දැණුනෙත් නැහැ. උතුරට විතරක් නෙවෙයි, දකුණටත් ඒවා ආණ්ඩු නෙවෙයි. ඉතා සීමිත පවුල් කිහිපයක් වෙනුවෙන් හදපු ආණ්ඩු. තමන්ගේ මිතුරන් වෙනුවෙන් හදපු ආණ්ඩු. ඥාතීන් වෙනුවෙන් හදපු ආණ්ඩු. අද ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අද උතුරේ ඔබ මෙන්ම දකුණේ ජනතාවත් තමන්ගේ ආණ්ඩුවක් ලෙස අපිව විශ්වාස කරනවා. ඒ නිසා අද උතුරේ, දකුණේ, නැගෙනහිර සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාගේ ගෞරවයට ලක් වු ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. එය වැදගත් හැරවුමක්. සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපිට ඉදිරියට යන්න බැහැ. අපි අතර විශ්වාසය තිබිය යුතුයි. ඒ නිසා අපි සියලුදෙනා එක්ව හොඳ රටක් ගොඩනඟමු කියා මම ඔබට ආරාධනා කරනවා.
අපි විශාල මුදල් ප්‍රමාණයක් ගමේ සංවර්ධනය සඳහා මේ අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙනවා. ඒවා වැය කිරීමට ලැබෙන්නේ ඔබ වැඩ කළොත් පමණයි. මේ උතුරු පළාතේ ගම්වල පාරවල් හදන්න අපි පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළා. හැබැයි ඇතැම් ප්‍රතිපාදන ආපසු ආවා. මේ වසරේත් විශාල මුදල් ප්‍රමාණයක් ගම්වල සංවර්ධනයට ලබා දී තිබෙනවා. ඒ මුදල් වැය කරමින් ගමේ ජනතාවට අවශ්‍ය පහසුකම් අ ලබා දෙන්න මැදිහත් වෙන්න කියා මම ඉල්ලනවා. ඒ තුළින් අපේ රටේ ජනතාවගේ ජීවිත ඉතා වේගයෙන් ඉහළට ගෙන යා හැකියි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා
විෂ මත්ද්‍රව්‍ය තරන් කිරිමේ රටම එකට ජාතික වැඩසටහන මාස කීපයකට පෙර අපි කොළඹින් ආරම්භ කළා. අද එහි උතුරු පළාත් වැඩසටහන යාපනයේදී පැවැත්වෙනවා. මත් රකුසා ජනතාව වටකරගෙන සිටින අතරේ මත් රකුසා වටකරගෙන තවත් රකුසන් පිරිසක් සිටිනවා.
දිළිඳුකම හා මත්ද්‍රව්‍ය එකට වෙළුන මාතෘකා දෙකක්. ඒ නිසා දිළිදුකම තුරන් කිරීමත් මේ වැඩපිළිවෙල සමගම ඉදිරියට යා යුතුයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වගේම දිළිදුකම පිටු දැකීමේ ප්‍රජාශක්ති වැඩසටහනටද ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙන්නේ ඒ දැක්ම අනුවයි.
රජය ක්‍රියාත්මක කරන සියලු ආකාරයේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ වන දේශපාලනඥයින් යාපනයේත් සිටිනවා. ආරාධනා කළත් ඇතැම් දේශපාලන පක්ෂ අද මේ ස්ථානයට සම්බන්ධ වී නැහැ.
එසේ වුවද අද මෙතනට සියලු රාජ්‍ය නිලධාරින් පැමිණ සිටිනවා. ඔවුන් සමඟ එක්ව උතුරෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
උතුරු පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, කේ. ඉලංකුමරන්, ෂන්මුගනාදන් භවනන්දරාජා යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර, උතුරු පළාත් නාවික හමුදා ආඥාපති රියර්අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද රජතුමාට පිංසිද්ද වෙන්න බය නැතුව යාපනයේ ඇවිදලා ආවා නේද ? දැන් ෂැපද ? නාකි මයිනා නැතිතං තොට ඇවිදින්න පුලුවන්ද කොටෝ ?
ReplyDeleteEwunata mahinda yaoaneta yanna bayayneh 😂😂😂
Deleteමයින කොලා ලබ්බක්. ෆොනී නොහිටින්න තාම මයින බුලට් වලින් සල්ලි ගසා කනවා. ඕකා මකබෑවිල තොලොංචි වෙලා යනකොට ගෙනියන්න වෙන්නැති ඔච්චරම කාලකන්නි විදියට හොරකං කලේ
Deleteඩෝබියෝ, තොපි දන්නෙ එකයි, පච කොටා සහ පාපිසි අරින ඟඳ වාත සුවඳයි, සහ බඩ යනකොට පුප ලෙවකාල රසයි කියන්නයි විතරයි.
Deleteලොකු දේශපාලන අදහසක් නෑ නේද? ඉගෙනගෙන එහෙමත් නැතිව ඇති, එකම කොමෙන්ට් එක රී ගෙන ගිහින් තියෙන්නෙ පාර පුරා.
Deleteඋඹෙ ලොකු අදහස් තියනව නේ. උඹෙ මහ එකාලට වගේ. Degree නැතිව PhD, ඇවිදින පුස්තකාල, තියන්නෙ Guinness Records, ප්‍රස්ණයක් නෑ ඩෝබිල ඉන්නවනෙ පාර දිගේ තියන .......... කන්න.
Deleteරිදුනද? 😁
Deleteජාති ඇන්දවීමේ වාදය.
ReplyDeleteපචපති ධර්මය - ලොවෙත් නැතිවෙන්න දෙන්න ඕනි, අම්මප.
උඹලට ලොවෙත් නැති වෙන්න ඒ කාලෙ ගොයියො දුන්න නිසා තමයි රටට මෙහෙම හෙන ගහල තියෙන්නෙ. දැං ඉතිං කුලියක් කරන් ඉඳපන්
Deleteඩෝබියෝ, තොපි දන්නෙ එකයි, පච කොටා සහ පාපිසි අරින ඟඳ වාත සුවඳයි, සහ බඩ යනකොට පුප ලෙවකාල රසයි කියන්නයි විතරයි.
Deleteඑතකොට යකෝ කවුරු හරි පිට පළාතකින් පන්සලකට එන එකට විරුද්ධ වෙන්නේ ජාතීන් අතර සමගියට වෙන්න ඇති නේද? ඕන ජාතියක මිනිහෙකුට මේ රටේ ඕන තැනකට යන්න පුලුවන් වෙන්න ඕන යකෝ, ඒ නිදහස නැත්තේ සිංහලයට විතරයි. හැබැයි ඒක කියන්න උඹලට දිව නවෙන්නේ නෑ.
ReplyDeleteකස්සපය ගැන වෙන්නැති මේ කියන්නෙ? අන්න ඌ තුන්වේල බඩ පැලෙන්න කාල භාවනා කරනවලු ඇට දෙක ලාච්චුවෙ දාගෙන
Deleteඩෝබියෝ, තොපි දන්නෙ එකයි, පච කොටා සහ පාපිසි අරින ඟඳ වාත සුවඳයි, සහ බඩ යනකොට පුප ලෙවකාල රසයි කියන්නයි විතරයි.
Deleteයාපනයේ හින්දු ජනයා කතරගම දේවාලයට පැමිණීම (වාර්ෂික පාද යාත්‍රාව) අනුර කුමාර ට ප්‍රශ්නයක් නොවේ
ReplyDeleteගාල්ලේ කිතුණු ජනයා මඩු පල්ලියට යාම අනුර කුමාර ට ප්‍රශ්නයක් නොවේ
එහෙත් සිංහල බෞද්ධයන් යාපනයේ බෞද්ධ සිද්ධස්ථානවලට යාම අනුර කුමාර ට ප්‍රශ්නයක් වී තිබේ
යාපනයේ හින්දු ජනයා නල්ලූර් කෝවිලට යන්නේ නැතිව කතරගම යන්නේ ඇයි දැයි අනුර කුමාර අසන්නේ නැත
කිතුණු ජනයා රාගම තේවත්තේ පල්ලිය පසු කර ගෙන මඩු පල්ලියට යන්නේ ඇයි ද කියා අනුර කුමාර අසන්නේ නැත
මිනිස්සු වැඳුම් පිඳුම් කරන්නේ අනුර කුමාර කැමති විදියට නොවේ
අනුර කුමාර යනු කවරාකාර නරුමයෙක් ද යන්න පැහැදිලිය
මේ වසලයා එළවා දමා, කතරගමට පැමිණෙන යාපනයේ ජනයාට කතරගම වැසියන් විසින් ආගන්තුක සත්කාර කරන, යාපනයේ සිද්ධස්ථාන වලට යන සිංහල බෞද්ධයන්ට යාපනයේ වැසියන් විසින් ආගන්තුක සත්කාර කරන, රටක් තැනීමේ සිහිනය දකින පාලකයකු පත් කර ගැනීමට මේ රටේ ජනයා පෙළ ගැසිය යුතුය.
අනිවාර්යයෙන්ම ඔබ සමග 100%ක් එකඟයි.
DeleteGono anura kiyanne ekak
DeleteWimal news gahanne uta one eka
Anura kiwwa kiyala wimalge idea wlata comment karana gona
ආගම මිනිසා හික්මවන මෙවලමක් මිස දේශපාලන කෙවිටක් නොවේ
Deleteඑතකොට සිංහල බෞද්ධයෝ දළදා මාලිගාව පහුකරගන දඹදිව ගිහින්ල සිල් සමාදම් වන්නෙත්, මුස්ලිම් මිනිස්සු දවටගහපල්ලිය පහුකරගන මක්කමට යන්නෙත් ජාතිවාදය හින්දද උත්තෝ?
ReplyDeleteසල්ලි තියෙන තියෙන හැටියට තමයි මහත්තයෝ කකුල් දෙක පළල් වෙන්නෙ
DeleteAmmata kalath punchammmata kalath api ekagai.
ReplyDeleteParayo parayomaya.kalakanniyekge nan
dedaveemak.
උඹත් මහින්ද මයිනපාලගෙ පෑංටිය සූප්පු කරන එකෙක් නේද
Deleteඩෝබියෝ, තොපි දන්නෙ එකයි, පච කොටා සහ පාපිසි අරින ඟඳ වාත සුවඳයි, සහ බඩ යනකොට පුප ලෙවකාල රසයි කියන්නයි විතරයි.
Deleteමූ මේ යාපනේට ගිහින්ලත් කරන්නෙ ජාතිවාදය, ආගම්වාදය අවුස්සල සිංහල මිනිස්සු එක්ක දෙමල මිනිස්සුන්ට වෛරයක් ඇතිකරන එක.
ReplyDeleteMunta Chande Diipu Evunta gahanna ☝️
ReplyDeleteඅංරල ටිල්ළිං ආතල තමා රටේ සැකය, වෛරය, ක්‍රෝධය වපුරලා රටේ අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ කළේ.
ReplyDeleteදැන් කියනවා සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපිට ඉදිරියට යන්න බැහැ. අපි අතර විශ්වාසය තිබිය යුතුයි. ඒ නිසා අපි සියලුදෙනා එක්ව හොඳ රටක් ගොඩනඟමු කියා මම ඔබට ආරාධනා කරනවා කියල.
අංරලට ටිල්ළිං ආතලට ඔය දේ අඩු ගානේ අවුරුදු දහයකට කලින් වත් තේරුනා නම් අද රට මිට වඩා බොහොම සශ්‍රීකයි
3% ochchara bayawelada ban ubla hitiye 😂😂😂
Deleteතව අවුරුදු 20 ක් 25 ක් යනකං ඔහොම රි රී ඉඳපන්.
Deleteලපයට බෞද්දයෝ පිලිම වලට වදින එක ගෝත්‍රිකයි....යාපනේ ගවයන් එක්ක කරන සෙල්ලම් හොදයි....කාටද මේ බොරුව කරන්නේ මේ තිරිසන් ජෙප්පෝ .......මේ ලපයා කරන්නේ තාමත් කොටි ඩයස්පෝරාව සතුටු කරන්න දෙවල්ම තමා....තාමත් හිතන්නේ උන් ඩොලර් බිලියන ගනන් දෙයි කියලා
ReplyDeleteමේක අපිලැයිත් රට පුන්ඩෙ.
Deleteprophet Jerome Fernando ge naduwata moko une ban????????????????????
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 උතුරේ ගිහින් මූ මේ කෙරුවෙත් සිංහල බෞද්ධයාට එරෙහි ජාති වාදය පැතිරවීම, ආගම් වාදය පැතිරවීම නෙවෙයිද කියලා මුන්ට චන්ද දීපු ජනතාව දැන් වත් හොඳට කල්පනා කරලා මුන්ව හැකි ඉක්මනින් පන්නා දමන්න එකතුවෙමු. එක අතකට පුංචිඅම්මා සමඟ නිදිවදින, තවත් වේස ගෑණුන් පස්සේ යන, හීන මානයෙන් පෙලෙන මේ වගේ අපතයෙක් ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නේ. මූ පයගහලා ඉන්න අපේ උතුම් පින් බිම මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මේකාව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහරයා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteඋඹගේ බත් එකට බෙට්ට බාන එකා සක්කරය වෙන්ඩැ?
Deleteඩෝබියෝ, තොපි දන්නෙ එකයි, පච කොටා සහ පාපිසි අරින ඟඳ වාත සුවඳයි, සහ බඩ යනකොට පුප ලෙවකාල රසයි කියන්නයි විතරයි.
DeleteHe is only good for Pelawatha office not as a president of our country. Unpatriotic & unworthy fellow to lead our country. What to do 68 was bloody desperate for him. Now we Buddhists have become enemies in our own country.
ReplyDeletePissu Katha
ReplyDeleteමෙතෙක් කාලෙකට රාජ්‍ය නායකයෙක් කරපු නින්දිතම ප්‍රකාශය.
ReplyDeleteඑක රටක ජනතා නායකයා. චිරං ජයතු අපේ ජනාධිපති සහෝදරයා!
ReplyDeleteතව අවුරුදු 9 ක් ඔහොම කරගෙන ගිහින් විධායක ක්‍රමය අහෝසි කරල රටේ අගමැති හැටියට ඉතුරු කාලෙ කරගෙන යන්න තියෙන්නෙ. ලොවෙත් වෙන කෙනෙක් නම් නෑ මේ වගේ යහපත් රාජ්‍ය පාලනයකට. ජය වේවා!
DeleteThis Lapakota talks as if he was born yesterday. Talk high and lecture us high moral code, deciplines, relition,etc. What the fuck has this useless dickhead done for this country?
ReplyDeleteහෙණහත වැදියං ලප අනුරයාට. ඌ හතරට පැලිලා මැරියන්. උගේ පපුව පැලියන්. හුස්ම ගන්න බැරිවෙලා මැරියං. අනුර කුමාරයා බල්ලෙක් වගේ මැරියං.
ReplyDeleteජාතිවාදය පාවිච්චි කරල බලය ගන්න දගලන සින්හල සහ දෙමල දෙපැත්තෙම ජාතිවාදී දේශපාලුවො දැන් ඔය පන්සලට එක එක විදිහට සෙනග එකතු කරනවා. මීට දශක හත අටකට කලින් හිටිය ඔය වර්ගයේ කාලකන්නි හැත්ත කරපු ඔය විදිහෙ කාලකන්නි වැඩ නිසා අන්තිමේදි යුද්දයක් ඇතිවෙලා ජීවිත දහස් ගනනක් නැති උනා. මේක දෙපැත්තෙම ඉන්න තක්කඩි දේශපාලකයො ගහන ගේම් එකක් මිස ආගමික කටයුත්තක් නෙවෙයි.
ReplyDelete