ඉතිහාසය පොතෙන් රජවරුන් ඉවතට.. ඇමීබාවන් ගැන උගන්වයි..

 


ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගැනීමේ පරමාර්ථයෙන්, රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 

මෙම ප්‍රතිසංස්කරණ හරහා රටේ ඉතිහාසය විෂය සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවත්, අභිමානවත් ජාතික ඉතිහාසය වෙනුවට වැල් බයිලා ඉගැන්වීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා චෝදනා කරයි.

විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ නව අධ්‍යාපන මොඩියුල හරහා මෙතෙක් පැවති විධිමත් ඉතිහාස විෂය පථය සම්පූර්ණයෙන්ම අතුගා දමා ඇති බවයි. 

පැරණි පෙළපොත්වල ඉතිහාසය හැඳින්වීම, ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර මෙන්ම ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව විධිමත්ව සඳහන් වූ බව ඔහු සිහිපත් කරයි. 

පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, වසභ, මහසෙන් සහ ධාතුසේන වැනි අපේ අතීත රජවරුන් පිළිබඳව දරුවන්ට තිබූ දැනුම මෙම නව ක්‍රමය හරහා අහිමි කර ඇති බව ඔහු පවසයි.

නව ඉතිහාස මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය:

"මේ රටේ ඉතිහාසය කියලා කියන්නේ ඇමීබාව ගැන උගන්වන එකද? පෘථිවිය හැදුණු හැටි, මුල්ම ජීවීන් බිහිවීම, ගොඩබිම සතුන් පහළ වීම වැනි කරුණු ඉතිහාසය ලෙස උගන්වන්න හදනවා. රටක අභිමානය ගොඩනගන්නයි ඉතිහාසය උගන්වන්නේ. නමුත් මේ මෝඩ ආණ්ඩුව දරුවන්ට උගන්වන්න හදන්නේ රටේ ඉතිහාසය නෙවෙයි, ජීවයේ පරිණාමය පිළිබඳ කතාවක්".

මෙම නව ප්‍රතිසංස්කරණ තාක්ෂණික මෙවලම් (QR Codes, Smart Phones, Tablets) මත පදනම් වී ඇති බැවින්, දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමේ අවදානමක් පවතින බව වීරවංශ මහතා පෙන්වා දෙයි. 

ආර්ථික අහේනිය හමුවේ වේලක් පිරිමසා ගැනීමට වෙහෙසෙන ජනතාවට මෙවැනි මෙවලම් ලබාගත නොහැකි බවත්, එමඟින් සල්ලි තියෙන මිනිසුන්ගේ දරුවන්ට පමණක් සීමා වූ නව බමුණු කුලයක් අධ්‍යාපනය තුළ නිර්මාණය වන බවත් ඔහු අවධාරණය කරයි.

දැනට හඳුන්වා දී ඇති මොඩියුලවල වැරදි 150කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික සේවනයට දරුවන් පොළඹවන වෙබ් අඩවියක ලින්ක් එකක් පවා ඇතුළත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. 

මෙම ප්‍රතිසංස්කරණ සඳහා විදේශීය ආධාර ලැබෙන්නේ ලිංගික දිශානතිය පිළිබඳ කරුණු අධ්‍යාපනයට ඇතුළත් කිරීමේ කොන්දේසිය මත බව වීරවංශ මහතා පවසයි.

9 Comments

  1. හරියට සිංහලවත් කථාකරගන්න බැරි මෝඩ තැනැත්තිය සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වියයුතුයි. ඉතිහාසය ඉගෙනගැනීම අනිවාර්යයි. දේශප්‍රේමි සිංහලයන් අවදියෙන් සිටියයුතුයි.

    ReplyDelete
    Replies
    1. Moo kiyana ithihase athi vadak na. Apey ratey ithihase nisa thamai LTTE, demalunta erehi yudda patangaththe. Parani rajavaru yudda kala nisa apith yudda kala yuthuda? Parani rajavaru gana nodanna tharamata apey podi evunta hoda future ekak thiyevi.

      Delete
    2. ඩෝබිල ගොංකම පෙන්වමින්

      Delete
  2. අධ්යාපනය, බුද්ධාගම, නීතිය , දරු පරම්පරාව විනාශ කර රට සෝමාලියාවක් කිරීමේ කොන්තරාත්තුව මේ ආන්ඩුව කරගෙන යනවා.

    ReplyDelete
  3. අනේ ටිංටිං මාමේ ඇයි ඩෝබිල හැංගුවෙ? වීරප්පන්ට මොකද වුණේ?

    ReplyDelete
  4. Moo kiyana ithihase athi vadak na. Apey ratey ithihase nisa thamai LTTE, demalunta erehi yudda patangaththe. Parani rajavaru yudda kala nisa apith yudda kala yuthuda? Parani rajavaru gana nodanna tharamata apey podi evunta hoda future ekak thiyevi.

    ReplyDelete
    Replies
    1. කල්ලතෝනීන්ට ඉතිහාසයෙන් වැඩක් නෑ තමයි.

      Delete
  5. මෙච්චර කාලයක් "අධිරාජ්ජවාදීන් අධිරාජ්ජවාදීන් " කියලා කෑගහලා අද උන්ගෙ කුනු ජරා සමාජ ක්‍රමවේද අපේ සමාජයට බලෙන් පටෝනවා.....තුහ්හ් ජෙප්පෝ ................................යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී ජෙප්පෝ ......................

    ReplyDelete
  6. ඉතිහාසය කියන්නේ රජවරුන්ගේ ඉතිහාසය විතරක් නෙවෙයි හිවලෝ

    ReplyDelete
Previous Post Next Post