කසල බදු නොගෙවන අයගේ කසල එකතු නොකරන්න තීන්දු කරයි..

 


නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් කසල බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතුවන කැලි කසල එකතු නොකිරිමට (08) දින සිට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් පාලන ආයතනය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛණයක් අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් තම බල ප්‍රදේශයේ ව්‍යෘපාරික ස්ථාන වලින් මසකට රු.200ක් බැගින් වාර්ෂිකව රු.2400ක මුදලක් කසල බද්ද වශයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ගෙවන ලෙසට දැනුවත් කර තිබියදී බගවන්තලාව නගරයේ වෙළද සංගමය එම බද්දට විරුද්ධව විරෝධය පාමින් වෙළදසැල් වසා දමා පසුගිය දා උද්ගෝෂණයක නිරත විය.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් කසල බදු නොගෙවු බගවන්තලාව නගරයේ වෙළදසැල්වල බදු මුදල් නොගෙවූ ස්ථානවලින් කැලි කසල භාර ගැනීම එම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ විසින්  ප්‍රතික්ශේප කිරිම හමුවේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් විසින් (08) දින ගොස් එම කසල බද්ද ගෙවු බවයි එම ප්‍රාදේශීය සභාවේ  නිළධාරියෙකු කියා සිටියේ.

කැලි කසල වෙන් කර ලබා දෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම නගර සභාවෙන් කොතෙක් දැනුවත් කලද එම ක්‍රමය අනුගමනය නොකරන බවයි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post