ඇමති ලාල් වනචාරියා කීවේ මිහින්තලා හිමිට නෙමයිලු.. දේවානම්පියතිස්ස රජුටලු..

 


මහින්තලේ වනචාරියා යයි ඇමති කේ.ඩී.ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමසිය යුත්තේ එතුමාගෙන්ම බව නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඇමති ලාල්කාන්ත මිහින්තලේ නායක හිමියන්ට වනචාරියා යැයි සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

ඇමති ලාල්කාන්ත එවැනි ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන් නොසිතන බවත් ඔහු වෙනත් කිසිවක් ප්‍රකාශ කර ඇතැයි තමන් සිතන බව ද ටී.බී. සරත් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

කෙසේ වෙතත් ලාල් කාන්ත ඇමතිවරයාගේ ප‍්‍රකාශය ගැන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සදහන් කර ඇත්තේ මෙවැන්නකි.



5 Comments







  1. 1. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයකි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධන දේශපාලන දහරාව, ජනතා විමුක්ති පෙරමුණ ය. මේ පක්ෂ දෙකේම නායකයා වත්මන් ජනාධිපතිවරයා ය.

    2. කොමියුනිස්ට්වාදය කිසිදු ආගමක් නො පිළිගනී. එපමණක් නොව කොමියුනිස්වාදයෙන් පිට කිසිදු දර්ශනයක්, දේශපාලන, ආර්ථික, සමාජ ක්‍රමයක් නො පිළිගනී.
    කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් මෙසේ කියයි. එනම්:-

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    ජනතා විමුක්ති පෙරමුණ ද කිසිදු ආගමක් පිළිගන්නවා යැයි කියන්නේ නම් එය වංචනික ප්‍රකාශයකි. මාක්ස් ලෙනින්වාදි කොමියුනිස්ට්වාදී පක්ෂ ආගම නො පිළිගන්නා බැවිනි. යම් කාලයකට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ද උපක්‍රමික මෙවලමක් ලෙස පාවිච්චි කරනු ඇත.

    පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්මයන්හි සඳහන් කරයි;

    “ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”

    “පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.” යනුවෙනි.

    3. ජවිපෙ තුන්වන් කැරැල්ල සමයේ, කොමියුනිස්ට් ත්‍රස්තවාදීන් විසින් 1989.02.08 දින මහනුවර ශ්‍රී දළදා මන්දිරයට පහර දෙන ලදී. ඒ සිරි දළදා වහන්සේ සහ සිරි දළදා කරඩු සහිත රන් අභරණ පැහැර ගැනීම සඳහා ය. එම පහර දීමේදී මනුෂ්‍යඝාතන, තුවාල කිරීම , පොලිස් හා ආරක්ෂක හමුදාවන්ට හානි කිරීම ආයුධ පැහැර ගැනීම සිදු කෙරෙණි.

    4. " යකඩ මල්ල ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කවර ක‍තා ද? විසි කොරපිය බැද්දට" යන පැරණි සිංහල කියමනකි. ඒ ලෙස කොමියුනිස්ට් පක්ෂයක දේශපාලන නායකයන්ගෙන් හා සාමාජිකයන්ගෙන් සම්බුද්ධ ශාසනයට ගෞරව කරන්නේවත්, ආරක්ෂා කිරීමක්වත් බලාපොරොත්තු නො විය හැක. ඒ කොමියුනිස්ට්වාදයේ මුලයේ හැටි ය.

    මිහින්තලේ නායක ස්වාමින් වහන්සේට "වනචාරියා" යනුවෙන් කොමියුනිස්ට්වාදී පක්ෂයක නායකයෙක්, සාමාජිකයෙන් අපහාස කිරීම, කොමියුනිස්වාදීන්ට නම් අරුම දෙයක් හෝ අපහාසයක් කළාය කියා හෝ පිළිගැනීමක් ඇති වන්නේ නැත. කොමියුනිස්ට්වාදය බිහි වී ඇත්තේ ම සියලු ආගම්වලට විරුද්ධව ය. කොමියුනිස්ට් නො වන සියලු දේශපාලන ක්‍රමවලට විරුද්ධව ය. සියලු කොමියුනිස්ට් නො වන ඉතිහාසයටන්ට, සංස්කෘතීන්ට හා සමාජ ක්‍රමයන්ට විරුද්ධව ය.

    5. කොමියුනිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයෙකු වන ලාල් කාන්ත කෘෂිකර්ම ආමාත්‍යවරයා විසින් කරන ලද, සම්බුද්ධ ශාසන විරෝධී "වනචාරී" ප්‍රකාශය සම්බුද්ධ සාශනය කෙරෙහි කොමියුනිස්ට්වාදීන්ගේ කොමියුනිස්ට් දෘෂ්ටිය සමඟ ඇති සාපේක්ෂ අදහස බව කිව යුතු යුතු ය. එය ම කොමියුනිස්ට්වාදය විසින් සම්බුද්ධ ශාසනය නො රකිනවා පමණක් නොව විනාශ කිරීම ද එකාන්ත බවට පැහැදිලි ඉඟියකි. චේතනාවේ පිළිබිඹුවක් ද වෙනවා ඇත.

    ReplyDelete
    Replies
    1. මනා විග්‍රහයක්

      Delete
  2. beediyak nathda.....??????

    ReplyDelete
  3. මුන්ගේ මොලේ කචල් වෙලා.

    ReplyDelete
  4. කියපු මනුස්සයට තමුන්ගෙ ජාතක මිනිහ මතක්වෙලා

    ReplyDelete
Previous Post Next Post