කවුරු විරුද්ද වුනත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කරනවා..- අගමැති

 


වත්මන් රජය බලයට පත්වූයේ පවතින ක්‍රමය නඩත්තු කිරීමට නොව, රට සෑම අතින්ම පරිවර්තනය කර ජනතාවට පොහොසත් ජීවිතයක් ලබා දිය හැකි සමාජයක් ගොඩනැගීමට බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ බව අවධාරණය කළේ කුරුණෑගලදී පැවැති ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ ආදිශිෂ්‍ය හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමය සිසුන්ට මෙන්ම දෙමාපියන්ට ද දරාගත නොහැකි විශාල බරක් වී ඇති බවයි.

දරුවා පාසලට ඇතුළත් කරන අවස්ථාවේ සිටම එය දැවැන්ත අරගලයක් බවට පත්ව ඇති අතර, දරුවන්ගේ බෑගය පමණක් නොව අධ්‍යාපනයේ අන්තර්ගතය සහ ක්‍රමවේදය ද දැඩි ලෙස සංශෝධනය විය යුතු බව ඇය කියා සිටියාය,.

දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අධ්‍යාපන පරිවර්තනය යනු එක රැයකින් කළ හැක්කක් නොවන බවත්, එය මානව සම්පත, යටිතල පහසුකම් සහ විෂය මාලාවන් සමග බැඳුණු වසර පහක හෝ දහයක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් බවත් අගමැතිවරිය මෙහිදී සිහිපත් කළාය.

අද වන විට දරුවන්ට වෘත්තීය මට්ටමට පිවිසීමට ඇති මාර්ග සීමිත බැවින්, එම අවස්ථා පුළුල් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ඇය පැවසුවාය.

විවේචන හමුවේ නොසැලෙන ප්‍රතිපත්තිය පද්ධතියේ වෙනස්කම් සිදු කරන විට, මෙතෙක් කල් එමගින් වාසි ලබාගත් පිරිස් විරෝධය දැක්වීම ස්වභාවික වුවද, එම විරෝධතාවලින් රජය කිසිසේත් පසුබට නොවන බව ඇය අවධාරණය කළාය.

ඇතැම් පාර්ශව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරන්නේ රටේ දරුවන් ගැන සිතා නොව, එමගින් රජය දුර්වල කළ හැකිය යන පටු අදහසින් බවත්, එවැනි අභියෝග හමුවේ රජය තව තවත් ධෛර්යමත් වන බවත් ඇය කියා සිටියාය.

3 Comments

  1. කුඩා දරුවන්ට සමලිංගිකත්වය උගන්වන්න එපා.

    ReplyDelete
  2. මෑ අනිවාර්යෙන්ම ඉල්ලා අවියයුතුයි. ව්‍යාජ අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලට මුවාවී NGO සල්ලිවලට බෞද්ධයන්ව සූක්ෂම ලෙස විනාශකරන එක නවත්වන්න.

    ReplyDelete
  3. තී ඕන ගුබ්බෑයමක ගිහින් ආප්ප ගහගනින් පාහර බැල්ලි 🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් දරු පරපුර විනාශ කරන්නේ නැතුව 😡

    ReplyDelete
Previous Post Next Post