ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරනු ලබන දැඩි බලපෑම් හමුවේ කියුබාවට තෙල් සපයන ප්‍රධාන මාර්ග දෙකක් ඇහිරී යාම නිසා එරට ආර්ථිකය බිඳවැටීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
කියුබාවේ සමීපතම මිතුරන් වූ මෙක්සිකෝව සහ වෙනිසියුලාව මේ වන විට තෙල් සැපයුම් අත්හිටුවා තිබීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙක්සිකෝවේ තීරණය සහ ඇමරිකානු පීඩනය මෙක්සිකෝව විසින් කියුබාව වෙත සිදුකරන තෙල් නැව්ගත කිරීම් තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.
මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසන්නේ මෙය කිසිදු බාහිර බලපෑමක් මත නොව, අවශ්‍ය මොහොතක ගත් "ස්වෛරී තීරණයක්" බවයි.
කෙසේ වෙතත්, ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුම් සහ තීරුබදු පිළිබඳ සාකච්ඡා පවතින පසුබිමක, ට්‍රම්ප් පරිපාලනයෙන් එල්ල වන පීඩනය හමුවේ මෙක්සිකෝව මෙම පියවර ගෙන ඇති බව විශ්ලේෂකයෝ පවසති. මීට පෙර කියුබාවේ තෙල් අවශ්‍යතාවයෙන් සියයට 44ක් පමණ සැපයූවේ මෙක්සිකෝවයි.
වෙනිසියුලානු සැපයුම් නතර වීම කියුබාවේ තෙල් අවශ්‍යතාවයෙන් සියයට 33ක් සැපයූ වෙනිසියුලාවේ සැපයුම් ද මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු හමුදා මෙහෙයුමක් මගින් පැහැරගෙන යාමෙන් පසු, එම රටේ තෙල් කර්මාන්තයේ පාලනය ඇමරිකාව සතු වීම මෙයට හේතුවයි.
"කියුබාවට තෙල් හෝ මුදල් ලැබෙන්නේ නැත - බිංදුවයි!" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම තෙල් හිඟය හේතුවෙන් කියුබාව පුරා දීර්ඝ කාලීන විදුලි බිඳවැටීම්, ජලය සහ ආහාර සැපයුම් අඩාල වීම් වාර්තා වේ. මෙය 1959 විප්ලවයෙන් පසු එරට මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය ලෙස සැලකේ.
එරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක ක්ෂේත්රය ද 2018 වසරට සාපේක්ෂව සියයට 70කින් පමණ පහත වැටී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ කියුබාව මේ වන විට "අසාර්ථක වෙමින් පවතින රාජ්‍යයක්" බවයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබානු රජය දැවැන්ත ගැටලුවක් ලෙස හඳුන්වා දී ඇති අතර, කියුබාවේ පාලනය වෙනස් කිරීම සඳහා ඇමරිකාව විවිධ උපාය මාර්ග භාවිතා කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, ඇමරිකාව කියුබාවට එරෙහිව "ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑමක" නිරත වන බවට කොලොම්බියාවේ කියුබානු තානාපතිවරයා චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් පවසන්නේ ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සාකච්ඡා සඳහා තම රට සැමවිටම සූදානම් බවයි

අවුරුදු කීපෙකට කලින් බිමල් කියල සහෝදරයෙක් කිව්වා ඒ අයට බලය ලැබුනම ලංකාව කියුබාව වගේ කරනවා කියල.
ReplyDeleteඅපේ වෙලාවට සහෝදරයලට බලය නොලැබුණේ
But this is not fair
DeleteTrump made this to get hidden benefit
අපිට කාගෙ පිහිටක් ද? මේකත් කියුබාවක් කරනව කිව්ව නේද? දැන් මේ ඒකද කරගෙන යන්නේ?
ReplyDelete