නුවරඑලියට හිම වැටේ.. වාර්තාගත අඩුම උෂ්ණත්වයක්..

 


ශ්‍රී ලංකාවේ පුංචි එංගලන්තය ලෙස හඳුන්වන නුවරඑළියේ අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණි.

සෑම වසරකම දෙසැම්බර් මාසයේදී නුවරඑළියේ මල් තුහිණ පතිත වීම සිදුවන අතර, මෙම වසර මුලදී, නුවරඑළියේ උද්‍යාන සහ තේ වතු වල මල් තුහිණ පතිත වීම දක්නට ලැබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, උද්භිද උද්‍යානයේ තණකොළ, කෘගර් ඇළ ඉවුර, මල් උද්‍යාන, තේ ගස්, විසිතුරු ගස් සහ එළවළු පාත්ති මත අයිස් අංශු තැම්පත් වීම දක්නට ලැබුණි.

එහි වෙනස් දේශගුණය වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා බැවින් සංචාරකයින් සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතියි.

තවද, මල් තුහිණ පතිත විමෙන් තේ, එළවළු සහ මල් නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදු වී ඇති බවත්, තේ වතුවල ශාක පිළිස්සීමේ අවදානමක් ඇති බවයි ප්‍ර දේශවාසීන් කියා සිටින්නේ.

මේ දිනවල කාලගුණය උදෑසන සිට සවස දක්වා උණුසුම් හා අව්ව සහිත වන අතර, සවස සිට අලුයම දක්වා අසාමාන්‍ය ලෙස සීතල කාලගුණයක් පවතියි.

තවද, ප්‍රදේශය දැඩි සීතලක් පවතින බවත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.8 ට වඩා අඩු බවයි වාර්තා වන්නේ.

රංජිත් රාජපක්ෂ                

Previous Post Next Post