මාලිමාව පැරදුනු සමුපකාරවල බලය නොදේ.. කොමසාරිස් වටලා විරෝධතා...

 


දකුණු පළාත් සමුපකාර කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති කිහිපයක පාලන අධිකාරිය පත් කිරීමේදී සිදුව ඇතැයි පවසන අසාධාරණයකට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

මැතිවරණයෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය කළද, එම බලය ලබා නොදී ජාතික ජන බලවේගයට (මාලිමාවට) පක්ෂපාතී පිරිසක් මගින් පාලනය ගෙනයාමට උත්සාහ කිරීමඒරෙහිව මෙම විරෝධය පැවැත්වෙයි.

දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය සහ රෙජිස්ට්‍රාර්වරිය ගන්නා තීරණ පක්ෂග්‍රාහී සහ අත්තනෝමතික බවට විරෝධතාකරැවන් චෝදනා කරයි.

මෙම විරෝධතාවය සඳහා කොටපොල, හක්මන සහ බෙරලපනාතර යන ප්‍රදේශවල සමුපකාර සමිතිවල සාමාජිකයින් එක්ව සිටින අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා එම පරිශ්‍රයට මේ වන විට විශේෂ පොලිස් රැකවල් යොදවා තිබේ.

3 Comments

  1. පරාජය දරාගන්න පුරුදු වෙන්න මල්පල මහත්වරුනි.

    ReplyDelete
  2. මීලග මහමැතිවරනය පරදින කොට මුන් මොනවා නොකරයිද ?

    ReplyDelete
  3. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඔවුන් ලෑස්ති වෙන්නෙ ඒකාධිපති පාලනයක් ගෙනියන්න. ඊළඟ මැතිවරණයෙන් ඔවුන් 99% ඡන්ද ගන්නවා. එක පක්ෂයක් පමණක් ඉදිරිපත්වන ඡන්දයක් මගින් සදාකාලිකව පාලනය කරන්න බලාපොරොත්තු වන්නේ.

    ReplyDelete
Previous Post Next Post