අනුරගෙ ගමේ පොහොට්ටු රැළියකට පොලිසියෙන් බාදා..

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර තඹුත්තේගම නගරයේ සංවිධානය කර තිබූ ජන රැළියක ප්‍රචාරක කටයුතුවලට පොලිසියෙන් බාධා එල්ල වී ඇති බව එම පක්ෂයේ සංවිධායකවරු චෝදනා කරති.

සංවිධායකවරුන් පවසන පරිදි, ඊයේ රාත්‍රියේ රැළියට අදාළ ප්‍රචාරක කටයුතු සහ සැරසිලි සිදු කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඒවා වහාම නතර කරන ලෙස දැනුම් දී ඇත.

එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම සැරසිලි වහාම ගලවා ඉවත් කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් පොලිසිය මැදිහත් වී ඒවා ගලවා ඉවත් කරන බවත්ය. 

රජයේ බලපෑම මත පොලිසිය මෙලෙස තමන්ට බාධා පමුණුවන බව සංවිධායකවරු වැඩිදුරටත් කියා සිටිති.

1 Comments

  1. මාලිමාවුන්ගේ සොහොන් ලකුණු

    ReplyDelete
Previous Post Next Post