බාල ගල් අගුරු නිසා විදුලි නිපදවීම පහල වැටිලා..- නොරොච්චෝල ප‍්‍රධානි

 


නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ මහතා (27) ප්‍රකාශ කළේය.

ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හමුවේ කරුණු දක්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

බලාගාර කළමනාකරු පෙන්වා දුන්නේ පළමු ගල්අඟුරු නෞකාවෙන් ලැබුණු තොග භාවිත කිරීමත් සමඟ බලාගාරයේ දෛනික උත්පාදනය මෙගාවොට් 95කින් පමණ අඩු වී ඇති බවයි.

"දෙවන නෞකාවෙන් ලැබුණු ගල්අඟුරු භාවිතයේදී ද ධාරිතාව දළ වශයෙන් එම ප්‍රමාණයෙන්ම පහත වැටුණා. පවතින තාක්ෂණික ගැටලු හේතුවෙන් තෙවන නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම තාවකාලිකව නතර කර ඇති අතර, මේ වන විට සිව්වන නෞකාවේ ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, බලාගාර පාලනාධිකාරිය ලෙස ඉටු කළ යුතු වගකීම් නිසි පරිදි ඉටු කර ඇති බවත් බමුණුසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

2 Comments

  1. රහස් පිටකිරීම වරදක් වෙයිද?

    ReplyDelete
Previous Post Next Post