රාජ්‍ය ලාංඡනයට ගෝනෙක්, ඇලෝ වීල් දැමූ අය සොයා පොලිස් මෙහෙයුම්..


පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. 

මහජන ආරක්ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධව.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය විය. මෙය යථාවත් කරගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කර ඇත.

කෙසේ නමුත් ඒ අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2026.01.09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙතපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අදාලව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත. තවද මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මට්ටමින් ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇත.



4 Comments

  1. higgledy-piggledy to high heven

    ReplyDelete
  2. කවුරුහරි මගෙ අඹුඩෙ රීල​, වහාම පරීක්‍ෂා කරන්න - මීට විජේ

    ReplyDelete
  3. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ආරක්ෂා කරගන්න බැරි උන් රටේ ආරක්ෂාව නියමෙට බලාගනියි

    ReplyDelete
  4. අමාත්‍යංශයේ දේවල්වලට කෙඳිරි ගාන්නෙ පොලෝසියෙන්....හරි මරු

    ReplyDelete
Previous Post Next Post