පාසල් සිසුවියන්ට අසභ්‍ය ඡායාරූප පෙන්නයි...

 


පාසල් සිසුවියන් පිරිසකට අවස්ථා කිහිපයකදි අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙකු (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක බණ්ඩාර මහතා පැවසීය.

නානුඔය ප්‍රදේශයේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන අවුරුදු 11-14 අතර වයස්වල පසුවන සිසුවියන් පිරිසකට සැකකරු විසින් අසභ්‍ය දර්ශණ සහිත ඡායාරුප පෙන්වු බවට එම සිසුවියන් විසින් නානුඔය පොලිසියට කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

නානුඔය පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.සැ. සංජිවනි (2435) සහ තම පොලිසියේ නිළධාරින් ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් නානුඔය ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුලු ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර ඇති බවත්, ඉන් අනතුරුව මෙවැනි පැමිණිලි පොලිසිය වෙත ලැබෙමින් පවතින බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

නානුඔය පොලිසිය වෙත පැමිණිලි කල සිසුවියන් 06 දෙනා අධිකරණ වෛද්‍ය වාර්ථාවක් ලබා ගැනීම සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බවද ස්ථානාධිපතවරයා වැඩි දුරටත් පැවසීය.

රංජිත් රාජපක්ෂ              

1 Comments

Previous Post Next Post