රජයේ සේවය කරන වෛද්‍ය විශේෂඥයින් කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ප්‍රකාශ කරයි.
එම සංගමය අවධාරණය කරන්නේ පසුගිය දින කිහිපය පුරාම මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තම සාමාජිකයින් කැපවී සිටි බවයි.
පසුගිය දිනවල පැවති විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මහජනතාවට අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා තම සාමාජික මෙන්ම සාමාජික නොවන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ කැපවීම සහ වෙහෙස මහන්සිය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
එමෙන්ම, මෙම කාලසීමාව තුළ ඉහළ වෘත්තීය මට්ටමක් පවත්වා ගනිමින් ස්වේච්ඡාවෙන් සේවය කළ පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ සේවයද සංගමය මහත් ඉහළින් අගය කර සිටියි.
විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය සමඟ පවත්වනු ලබන සාධනීය සාකච්ඡා ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව සංගමය යළිත් තහවුරු කරයි.
සෞඛ්‍ය පද්ධතියේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා මෙම ගැටලුවලට සතුටුදායක විසඳුම් ලැබෙන තෙක් රජයද එම උනන්දුවෙන්ම සහ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි සංගමය අපේක්ෂා කරයි.
මෙම නිවේදනය රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල මහතා සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත
