හරිනි ඉවත් කරන්නැයි ලොකු තැනකින් පණිවුඩයක්..

 


දැනට ඉදිරිපත් කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුවා ඒවා අවලංගු කරන ලෙස ඉල්ලමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කර ඇත.

අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිසංස්කරණ සඳහා නිසි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර නොමැති බවත්, භික්ෂූන් වහන්සේලා, ගුරුවරුන් හෝ අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන නොමැති බවත් එම සංදේශයේ සඳහන් වේ.

මෙම ක්‍රියාවලිය අත්තනෝමතික සහ විනිවිදභාවයෙන් තොර එකක් බවයි. ප්‍රතිසංස්කරණ මුවාවෙන් මෙවැනි නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රම මගින් දරුවන්ට කෘතිමව විෂම ලිංගික දිශානතීන් ආරෝපණය කිරීමට කූට ලෙස උත්සාහ කිරීම සමාව දිය නොහැකි පාපයක් බව උන්වහන්සේ අවධාරණය කරති.

මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි දශක ගණනාවක කාලය තුළ මානසික රෝගීන්ගෙන් පිරි රටක් බිහි කිරීමට අඩිතාලම දමා ඇති බවට ද උන්වහන්සේ චෝදනා කරති.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදේශ ආධාර මත වසර ගණනාවක සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙයට වගකිවයුත්තන් දණ්ඩ නීති සංග්‍රහය සහ ළමයින් අපයෝජනයට අදාළ අපරාධ නීති යටතේ දඬුවම් ලැබිය යුතු බවත් සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම, වත්මන් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට නුසුදුසු බවත්, ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඇයගේ ධුරයන් අහෝසි වී ඇති බවත් උන්වහන්සේ පවසති.

මේ හේතුවෙන් වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර, එම තනතුරු සඳහා දේශප්‍රේමී සහ යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති

9 Comments

  1. 100% true. She need to resign. It's so dicussting to see her defending her self.

    ReplyDelete
  2. මාර වැඩේ කියන්නේ, මේකට සමරිසි ලින්ක් එකක්ම දාපු එකනෙ.

    ReplyDelete
    Replies
    1. ආප්ප ලින්ක් දාන්නෙ හොරෙන්. ඒක දැම්මොත් කෙලින්ම හරිනිව කරබදු වෙන හින්ද ඉස්සෙල්ල මුට්ටිය දාල බලනව. කවුරුත් විරුද්ධ නොවුනොත් හීන්සැරේ ආප්ප ලින්ක් එක රිංගවනවා. අනික් එක ලින්ක් නොදැම්මට හරිනිට ඕන තරම් බඩියො ඉන්නවා. අර උගන්ඩා වැස්සි එක්ක මතුගම ගිහින් හිටියෙ ඒ ආප්ප බඩියො තමයි.

      Delete
  3. She is a homo, its a choice but these education reforms are not only Harini's handy work. Tilvin, Anura plus 158 have taken these reforms after discussed. Unlike other parties jvp not allowed to not act as they wish. Therefore, this is a very well planed project by jvp. They want to get rid of Harini, then they can give her chair to Bimal. That's the whole story behind this nothing else.

    ReplyDelete
    Replies
    1. If they want to get rid of Harini, why did they appoint her in to that position in the first place.

      Delete
    2. It's not only the link. This is an activity that kids need to perform. They need to create a profie in this web site. Profile even ask for the length of the thing.. How can Harini miss this thing all this time. Such matters can be escalated. It's highly unlikey this never have been escalated to the top unless this is all done with the blessing of the top ( Harini ). And why LGBTQ coalors go to the book cover? This is not a coop done by JVP. This is all Harini's doing and the JVP is supporting this cause of the whole campain and the fundding was done by the USAID. This is what USAID wanted all along.

      Delete
  4. She can still be PM if wants. But has to resign from Education Minister.

    ReplyDelete
  5. ලොකු තැනකින්.... 🤣🤣🤣

    ReplyDelete
  6. වනචර යුගයක් උදා කරන්න ආ හැතිරි පන්න නු

    ReplyDelete
Previous Post Next Post