සරසවි තනතුරු මාලිමාකරණයට නව පනතක්...

 


පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තිබෙනවා.  මේ පනතේ ප්‍රකාශිත අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපතිවරු සහ අංශාධිපතිවරු පත් කරන ක්‍රමවේදය වෙනස් කරන එක.  නමුත් දැන් තිබෙන ක්‍රමය වැරදියි,  ඒක වෙනස් කරන්න ඕනි කියලා සරසවි ප්‍රජාවෙන් කිසිම ඉල්ලීමක් තිබුණේ නෑ.  මේ පනතේ යටි අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපති සහ අංශ ප්‍රධානි තනතුරු මාලිමාවුන්ට ලබා දීලා විශ්ව විද්‍යාල පද්ධතිය මාලිමාකරණයට ලක් කරන්න. මාලිමාවට වැඩ කරපු කාට හරි දැන් තිබෙන පනත යටතේ පීඨාධිපති හෝ අංශාධිපති වෙන්න බැරි නිසා මේ පනත සංශෝධනය කරන බවටයි විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය වෙන්නේ.  පසුගිය ජනපතිවරණයේ දී සරසවි ඇදුරන් විශාල පිරිසක් මාලිමාවට වැඩ කලා.  මේ අයගෙන් පිරිසක් පාර්ලිමේන්තු ආවා.  තවත් පිරිසක් අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, සභාපතිවරු වුණා.  මේ අතරේ කිසිම තනතුරක් නොලැබුණු විශාල පිරිසක් කලකිරීමෙන් ඉන්නවා.  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ අය කට අරීවි කියලා ආණ්ඩුව බයෙන් ඉන්නේ.  ඒ නිසා තමයි විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරලා මේ අයට තනතුරු දීලා මේ අයව නිහඬ කරන්න හදන්නේ.

මේ පනත සම්මත වන තුරු සියළුම විශ්ව විද්‍යාල වල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම තාවකාලිකව නතර කරලා තිබෙනවා.  ඒකේ ප්‍රතිඵලයක් විධියට විශ්ව විද්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන් අඩපණ වෙලා.  පනත සම්මත කරන තුරු තිබෙන ප්‍රශ්න වලට වඩා පනත සම්මත වුණොත් මතු වන ප්‍රශ්න වැඩියි. පීඨාධිපතිවරයෙකු ධූර කාලය තුල ඕනෑම අවස්ථාවක ඉවත් කරන්න පාලක සභාවට බලය ලැබෙනවා.  පාලක සභාවේ බහුතරය පත් කරන්නේ ඇමතිතුමා.  පීඨාධිපතිව පත් කරන්නේ පීඨ මණ්ඩලය.  ඒකේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සිට කතිකාචාර්ය දක්වා ඉන්න සියළුම ගුරුවරු ඉන්නවා.  කතිකාචාර්යවරුන්ගේ බහුතර කැමැත්තෙන් පීඨාධිපති වෙන කෙනා මාලිමාවට කඩේ යන කෙනෙකු නොවේ නම් එයාව ඕනෑම අවස්ථාවක අස් කරලා දාන්න දේශපාලනික වුණු පාලක සභාවට අවස්ථාව ලබා දෙනවා.  ඒ වගේම මෙතෙක් පීඨාධිපති වෙන්න පුළුවන් අංශාධිපතිවරයෙකුට විතරයි.  නමුත් මේ පනතින් කතිකාචාර්යවරයෙකුට පවා කෙලින්ම පීඨාධිපති වෙන්න පුළුවන්. 

කිසිම ආණ්ඩුවක් මේ විධියට විශ්ව විද්‍යාල දේශපාලනිකරණයට උත්සාහ කලේ නෑ.  විශ්ව විද්‍යාල ආණ්ඩුවේ බලපෑමෙන් තොරව ස්වාධීනව පාලනය වෙන්න ඕනි කියන අදහසින් තමයි පනත් සකස් කලේ.  අවාසනාවට මෙහෙම පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා කියලා තවම විශ්ව විද්‍යාල ප්‍රජාව දන්නේ නැතිව ඇති.  නැතිනම් මේ පනතට විරෝධය පාන්න මුලින්ම එන්නේ එදා 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියන සටනට නායකත්වය දුන්නු හරිනි අමරසූරිය අගමැතිතුමිය.  ඒ නිසා විශ්ව විද්‍යාල දේශපාලනකරණයට පාර කපන මාලිමාකරණයට පාර කපන මේ පනත් කෙටුම්පත පිළිබඳ සරසවි ප්‍රජාවගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

5 Comments

  1. 90% of people are NPP
    Nothing to do

    ReplyDelete
  2. End of ranil rajapaksha era

    Failed again

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තමන් අතීතයේ රාජපක්‍ෂකරනයට පක්‍ෂව අත උස්සගෙන හිටිය කාලේ අමතක වෙලා...

    ReplyDelete
  5. ජෙපි ආණ්ඩුව පහළ සිට ඉහළට සමස්ථ අධ්‍යාපන පද්ධතියම අවුල් කරලා දමන එකද සිස්ටම් චේන්ජ් කියල කරන්න හදන්නෙ?

    ReplyDelete
Previous Post Next Post