නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාදයි..

 Free Lawyers සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පුවත්පත් නිවේදනය

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි

නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත අස්ථාන චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි.

මෙම අසත්‍ය චෝදනා හා අවලාදවලට එරෙහිව සෘජුව මැදිහත් වූ Free Lawyers සංවිධානය එම චෝදනාවල ස්වභාවය හා පසුබිම් අරමුණු අනාවරණය කළේය.

මෙම උත්සාහය පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර හා විරෝධතා නීතිපති ධුරයේ ස්වාධීනත්වයට එල්ල වූ අසාධාරණ මැදිහත්වීමක් බව ප්‍රකාශ කරමින්, එය නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තීරණාත්මක විරෝධයක් පළ කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි. එසේ නමුත්, බහුතරයක් ජනතාව නීතිපතිවරයා ඉවත් කිරීමට දරණ ලද උත්සාහය වැලැක්වීමට එක්වීම සතුටකි.

දේශපාලන පක්ෂ හා සිවිල් කණ්ඩායම් ද Free Lawyers සංවිධානය අනාවරණයෙන් දින කිහිපයකට පසුව නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබීය.  මේ පිළිබඳ අධිකරණ හා නීති කේෂ්ත්‍රයන් හි පාර්ශවකරුවන් රැසක් අප දැරූ ස්ථාවරයට පැමිණීම සතුටට කරුණකි. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ සියළු දෙනාටත්, මෙම අවනීතික ක්‍රියාවට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් සියළුම සිවිල් සංවිධාන වෙතත්, පුරවැසියන්ටත් අපගේ ස්තුතිය පිරිණමමු.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබුණි. නීතියේ අධිපත්‍ය පිළිගනිමින් කටයුතු කිරීම පිළිබඳ ඔවුන්ට ද අපගේ විශේෂ ස්තුතිය පළ කරමු.

කෙසේ නමුත්, පරාජයෙන් කුපිත වූ විදේශගත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, එයට සහාය දක්වන මෙරට පිරිසක් ද, දිගින් දිගටම නීතිපතිවරයාටත්, අධිකරණ ආමත්‍යවරයාටත්, අප සංවිධානයේ සාමාජිකයින්ටත් හිතවතුන්ටත් සුපුදුරු පරිදි අපහාස කිරීම අරඹා තිබීම කණගාටුවට කරුණකි.

රටේ ස්ථාපති ආයතන පද්ධතිය ගෞරවය හා විශ්වසනීයත්වය විනාශ කිරීමට කුඩා කණ්ඩායමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව අපගේ විශ්වාසයයි.

3 Comments

  1. Keep it up dear patriotic lawyers

    ReplyDelete
  2. හර්ශන නානා ලපකොටාව වලට දානවා ආයේ ගොඩ එන්නම බැරිවෙන්න. ලොන්ත ලපයා හූ...

    ReplyDelete
  3. නීතිපති අයින් කරන්න දෙයක් කරල නැහැ. මේ වෙනකං පිලිවෙලට නඩු ටික අහගෙන යනවා. පොටෝ කොපි පණික්කලේට නං ඕන උනා නීතිපති අයින් කරලා වෙන නාට්ටියක් පටන් ගන්න ඌ හෙට අනිද්දට ඇතුලට යන එක බේර ගන්න

    ReplyDelete
Previous Post Next Post