ගුවන් තොටුපල සභාපති අස්වුනේ බානගල උපතිස්ස හිමි නිසාද..

 


ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන තොරතුරු සාවද්‍ය බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් වෙත ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීම සඳහා ලබා දී තිබූ විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කිරීමට අදාළ සිදුවීමක් මෙම ඉවත් කිරීමට හේතු වූ බවට පළ වන වාර්තා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර සිටියි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් පැට්‍රික් රොඩ්රිගෝ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ අවසර පත්‍රය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා අතර කිසිදු මත ගැටුමක් ඇති නොවූ බවයි.

 ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු සැලකිල්ලට ගෙන, 2025.12.31 දින කල් ඉකුත් වීමට තිබූ විශේෂ අවසර පත්‍රය ඉදිරි වර්ෂය සඳහා දීර්ඝ කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබුණි.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි හිටපු සභාපතිවරයා විසින් සුදුසු කොන්දේසි සහිතව අදාළ අවසර ලිපිය 2026.01.09 දින නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ පරිපාලන ව්‍යූහයේ සිදු කිරීමට නියමිත වෙනස්කම් සහ තවත් කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

2026.01.21 වන දින අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා අතර පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව හර්ෂ අබේවික්‍රම මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට යවන ලද ලිපිය සහ සභාපතිවරයා තනතුරින් ඉවත් කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.



3 Comments

  1. රණවිරුවෝ ආණ්ඩුවට ඕන විදිහට නටවන්න බෑහැ.

    ReplyDelete
  2. මොකක් හරි පාහර වැඩක් කරලා අයින් වෙලා අන්තිමට කොහේවත් නැති හාමුදුරු කෙනෙක් ඒකට ගාවගෙන.

    ReplyDelete
  3. කොහොමත් මේ ආණ්ඩුවට හාමුදුරුවන්ටයි, බුද්ධ සාසනයටයි, සංස්කෘතියටයි මඩක් ගැහුවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post