හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත.
එම ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ඊයේ (06) දින ලබා දී තිබේ.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ පිළිබඳ කරුණු අනාවරණය කළාය.
දැඩි කතාබහට ලක්වූ මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා අදාළ අංශ කඩිනමින් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.