ලොකු දොස්තරලා හා පොඩි දොස්තරලා ගැටුමක..

 


රටේ මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අවදානයට හා උනන්දුවක් ඇති ඔවුන්ටම අනන්‍ය සේවා ව්‍යවස්ථාවක් සාදා ඔවුන්ගේ අනන්‍ය ගැටලුවලට විසදුම් සොයන්නට සැරසෙද්දී, ඒ සදහා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම ලබා දී ඇති මොහොතක , එය කඩාකප්පල් කිරීම සදහා රෝගීන් බිල්ලට ගෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කිරීමේ GMOA උත්සාහයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරයි.

ඔවුන්ගේ පසුගිය අවුරුද්දක එකහමාරක මාධ්‍ය නිවේදන අධ්‍යයනය කරන ලෙසත් , ඒවායේ කිසිවක 19.01.2026 දිනය දා දී ඇති මාධ්‍ය නිවේදනයේ ඇති ශ්‍රී ලංකා වෛද්‍යසේවයක් කිසිදා ඉල්ලා නැති බවත් , මේ මොහොතේ එය ඉස්සරහට දාගනිමින් සිදු කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට බාධා කිරීම බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දේ.

වැඩ වර්ජනය ඕනෑම වෘත්තීය සමිතියක අවසාන තුරුම්පුව බවත්, මෙවර එය විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීම නිර්ලජ්ජිත බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටින්නේ , ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසදීමට මීට වඩා නිර්මානශීලීව හා නිවැරදිව ඉදිරිපත්වන ලෙසයි

Previous Post Next Post