අද (06) දින ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් සුළු ගංවතුර තත්ත්වයකට පත්ව ඇති අතර, මේ හේතුවෙන් ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.
පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසියේ ඇද හැලුණු මෙම වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන මාර්ග රැසක ජලය බැස නොයාම නිසා මාර්ග ජලයෙන් යට විය. මෙලෙස මාර්ග අවහිර වීම හේතුවෙන් පාසල් නිමවී නිවෙස් බලා ගිය සිසුන් මෙන්ම කාර්යාල සේවකයින් ද දැඩි අපහසුතාවයට පත් වූ බව වාර්තා වේ.
මාර්ගවල ජලය පිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ අතර, ඇතැම් ස්ථානවල දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය විය.
නාගරික ජලාපවහන පද්ධතිවල පවතින දුර්වලතා මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
වර්ෂාවත් සමඟ ඇති වූ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් වෙළඳසැල් සහ දෛනික රැකියා කටයුතුවල නිරත ජනතාවට ද සිය කටයුතු කරගෙන යාමට නොහැකිව මහත් අසීරුතාවයට පත් වීමට සිදු විය.
