සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඇමැතිවරයාට විරුද්ධත්වය පළ කරමින් අද ඒම අමාත්‍යංශය ඉදිරියේදී වෘත්තීය සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂණයක් පැවැත්වූහ.
රජයේ සෞඛ්‍ය පෞද්ගලීකරණ වැඩපිළිවෙළ, ඉන්දු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම , ඉන්දියාවෙන් බාලා ඖෂධ ගෙන ඒම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාව සෞඛ්‍ය අමාත්‍යාශය ඉදිරිපිටදී අද උදෑසන පැවතිණි.
සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලත් වීමට නොහැකි වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලු ගේට්ටු ඉබි අතුරු දමා තිබූ අතර
මෙම අවස්ථාවට පැමිණි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව විජාතික කමිටුවක් හරහා අධීක්ෂණය කරනතුරු වහා නතර කරන ලෙසයි.
එසේම පසුගියදා බැක්ටීරියා විෂ සහිත එන්න තින් මියගිය රෝගීන් සම්බන්ධ තොරතුරු සඟ වන බවත් සත්‍යවා හෙළි කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ.
තවද ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලට හා තාක්ෂණික කමිටු සඳහා සම්බන්ධ වෙන සියලු වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ඒකකය නියෝජනය කරන නිලධාරීන් කීපදෙනෙකුද මෙම අවස්ථාව ආවරණය සදහා එක්ව සිටි බව වාර්තා වේ.
