බස් ඇතුලේ හෙණ ගහන සංගීත ඉවරයි.. නීතියෙන් තහනම් කරයි..


පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය දර්ශන වාදනය කිරීම හේතුවෙන් මගීන්ට එල්ල වන පීඩාව වැළැක්වීම සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ මේ සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මීට පෙර බස් රථ තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මගින් සිදුවන ශබ්ද දූෂණය පාලනය කිරීමට ප්‍රමාණවත් රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක නොව බවය.

අලුතින් සම්පාදනය කෙරෙන රෙගුලාසි සම්මත වූ වහාම, නියමිත ප්‍රමිතිය ඉක්මවා ශබ්දය නිකුත් කරන වාහනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම කියයි.

මෙම පියවර මගින් මගී ජනතාවට වඩාත් සහනදායී සහ සුවපහසු ගමන් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.

3 Comments

  1. හොද වෑඩකි ඉක්මනින් ‍රියාත්මක කරන්න

    ReplyDelete
  2. මේ බස් වල තඩි බෆල් ඔක්කොම ගලවන්න..මිනිස්සු බස් වල යන්නේ තමන්ගේ රස්සාවට උවමනාව සදහා විතරයි..නැතුව මුන්ගේ ලතෝනි අහන්න නෙවේ..අනික මේ පාසල් ළමයි උදේ යන වෙලාවට, මිනිස්සු ඔෆිස් යන වෙලාවට මුන් මේ ඩිස්කෝ සද්ද දාගෙන යනවා.විශේෂයෙන් දුර ඉඳන් එන බස් වල..මානසික ලෙඩ්ඩු..මුංට නින්ද යනවනම් ඩ්‍රයිව්වර්ගේ සීට් එක යට ස්පිකර් එකක් ගහගන්න කියන්න

    ReplyDelete
  3. බස් වල විතර ක් ඇතිද සති අන්ත වල රටේ පිට්ටනි වල පාසල් පිට්ටනි වල ලොකු bafal දාගෙන සංගීත ය සහ විස්ථර ප්‍රචාරය කරමින් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඒ පාසල් අසල ජීවත් වෙන මිනිසුන්ට මෝන තරම් හිරිහැර යක් ද කියලා දන්නවා ද? කිසිසේත්ම අසල්වැසි යන් ට ඒ සංගීත හා ක්‍රීඩා විස්තර අහන්න අවශ්‍ය නෑ ඒවගේම තමයි විවිධ සාප්පු ඉදිරිපිට සංගීත ය ශ්‍රී ලංකාවේ තරම් ශබ්ද දුෂණයක් වෙන කිසිම රටක නෑ

    ReplyDelete
Previous Post Next Post