බදුල්ලේ බෝම්බ බියක්.. සියල්ලන් ඉවත් කරයි..

 


බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද අද (14) බෝම්බ සම්බන්ධ තොරතුරක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම තර්ජනය මහනුවර සිද්ධීන්ට අනුකූලව විද්‍යුත් තැපෑල (Email) මාර්ගයෙන් ලැබී ඇත.

තත්ත්වය සැලකිල්ලට ගත් බලධාරීන්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ සියලුම නිලධාරීන් සහ සේවකයින් වහාම එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ විශේෂ පොලිස් කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති අතර, දැනටමත් විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මේ දක්වා කරන ලද සෝදිසි කිරීම්වලදී කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් තහවුරු කරයි.

පොලිසිය සහ ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Previous Post Next Post