මොඩියුලයට වඩා බරපතල අපරාධයක් ගැන රහස් පොලිසි යයි..

 


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනය, රටට අපකීර්තියක් වන අයුරින් විකෘති කර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ, අදාළ වෙබ් අඩවියේ ඇති රාජ්‍ය ලාංඡනයේ සිංහයා, ධර්ම චක්‍රය, වී කරල්, පුන්කළස, ඉර-හඳ සහ පලාපෙති යන අංග පාර්ලිමේන්තුව මඟින් අනුමත නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව විකෘති කර ඇති බවයි.

"අවම වශයෙන් පස්වන ශ්‍රේණියේ දරුවකුට පවා රාජ්‍ය ලාංඡනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබියදී, මෙවැනි වෙනසක් සිදුවීම නොදැනුවත්කම මත සිදු වූවක් ලෙස සැලකිය නොහැකියි. මෙය මෙරට ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍යය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීමක්," යැයිමහතා පැවසීය.

රටක රාජ්‍ය අනන්‍යතාව නිරූපණය කරන ලාංඡනය මෙලෙස අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම රාජ්‍යයේ කීර්ති නාමයට ද එල්ල වූ බරපතළ පහරක් බව ඔහු අවධාරණය කළේය. පසුගිය කාලසීමාව පුරා රජයේ වෙබ් අඩවිවල මෙවැනි විකෘති කිරීම් සිදු වුවද, ඒවා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු කිරීමට ආරක්ෂක අංශ අසමත් වීම කණගාටුවට කරුණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් සහ සෞඛ්‍ය පද්ධතිය පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීමට උත්සාහ ගන්නා පසුබිමක, රාජ්‍ය ලාංඡනය ද මෙලෙස වෙනස් කිරීම හුදෙකලා සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

9 Comments

  1. මේවා ජාතිය විනාශ කරන්න එන උපක්‍රම දුටුවා ද ඊයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට විමල්ගේ උද්ඝෝෂණයට විරුද්ධව අපු මුස්ලිම් ජෝඩුව ඒවගේම දෙමළ දේශපාලන පක්ෂ දෙක ඔවුන් හරිනි වෙනුවෙන් කතා කරන්නේ ඇයි කියලා හිතුවද? ඉතිහාසය දැන් තොරගන් න විෂය ක් කරලා දෙමළ මුස්ලිම් අය එකට කැමතියි අපේ රටේ අපේ අයිතිය නැති වෙනවා අපේ අනන්‍යතාව දිය කරලා හරිනවා උඹලා මාලිමා වට කඩේ යනවා මෝඩ සිංහලයා

    ReplyDelete
    Replies
    1. බලාගන යනකොට කොටාගෙයි, රනිලගෙයි සිංහල, බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ කිසි වෙනසක් නෑ. උන් දෙන්නම මේ රටේ හතුරෝ!

      Delete
    2. කොන කපා ගත්ත එවුන් කැමතියි සිංහලයො සමලිංගිකයො වෙලා ජාතිය වඳ වෙනවට. එතකොට උන්ට පුලුවන්නෙ මේ රටේ මහජාතිය වෙන්ඩ. දෙමළ උන් ගැනනම් අහන්ඩම දෙයක් නෑ.

      Delete
  2. මේ පැමිනිල්ල පැමිනිල්ලකට පමනක් සීමාවෙයි. රංජගෙ කුස්සියෙ වලං හෝදපු ශානියා මේක කුණු කූඩයට දමයි.
    කෙසේ වෙතත් මේ පිළිබඳව පැමිනිලි කිරීමට තරම් ශක්තියක්, වීර්යයක් තිබූ ඒ වෛද්‍යාචාර්ය තුමාට අපගේ ආචාරය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. එතුමාගේ මේ සත්ක්‍රියාව හැමෝම අගය කලයුතුයි.

      Delete
  3. තව ටික දවසකින් යටත්විජිත හේරත් මාධ්‍යය ඉස්සරහට ඇවිල්ල කියයි මේක කරපු කෙනා හොයාගත්තා, ඒ
    වුනාට කියන්නෙ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. Ha...ha...ha...that is possible.

      Delete
  4. mewa nikanma sidu wena dewal nowe...mathaKda aragalaya welawe kenek stagee ekata negala ......min passe oyalage game pansale budu pilima keduwata oyala athak ussanne ne kiyala porondu wenna keewama okkoma atha ussala eka anumatha karagaththa......e wagema argala klea wesak dawase wesak kuudu kalu patin hadala pradarsanaya kala..budu hamuduruwnage pinthuuraya kalu patin anda......lankawea sancharaka wyaparaaya prawardanaya karanna kiyal smaloingika kriya ona widihat karnna lankawa ida denawa kiyala pracharaya kala.

    ReplyDelete
  5. මුත්තලාගේ ගෝලයෝ සෙට් එක රාජ්‍ය සේවයෙන් නෙරපිමට කටයුතු නොකලහොත් මාලිමාවේ අවසානය

    ReplyDelete
Previous Post Next Post