සමාජ ජාල සොරු ගැන පොලිසියෙන් ඔත්තුවක්...

 


සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදු කරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිළි අනුව නිරීක්ෂණය වී ඇත. 

අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගැනීම මගින් හා අත්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇත.

බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතද, පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි වාර්තා වී ඇත.

මෙවැනි වංචාවනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලිසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතා දැනුවත් කර ඇති අතර මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.

  • Verified badges / official pages 85 0.
  • දෙවැනි පාර්ශවයකට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම.
  • සැක සහිත links පරිශීලනය නොකිරීම.
  • විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.
  • මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාවය සනාථ කර ගැනීම.
  • වංචාවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙතවහාම පැමිණිලි කිරීම.

මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

1 Comments

  1. Matath awa OTPs illa calls, Cyber Crime Unit eketa kiwa eyala kiyanawa salli gatham nam ok lu.. e call kerepu number eken keedenecta call kerela athada.. ai kisima privention method 1k use keranne nathe meyala. lokuwa kiwata kerene magulak na .... salli dunneth kiyavi ai dunne kiyala .... meeta wada Cyber Crime Unit eke active wenne oni 100% ma

    ReplyDelete
Previous Post Next Post