ලාල්කන්ත කසිප්පු තිප්පොළවල කරක්ගැසූ වනචරයෙක්...

 


මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන්ට 'වනචරයා' යැයි ආමන්ත්‍රණය කරමින් අගෞරව කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ දැඩි ලෙස දොස් පවරා සිටිති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ සැබෑ 'වනචරයා' කවුද යන්න රටේ ජනතාව හොඳින් හඳුනාගෙන ඇති බවයි.

අමාත්‍යවරයාගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් සුමංගල හිමියන් සඳහන් කළේ, අමාත්‍යවරයා අනුරාධපුරයේ කසිප්පු තිප්පොළවල ගැවසෙමින් කිසිදු නිසි අධ්‍යාපනයක් නොලැබූ අයෙකු බවයි.

මීට පෙර හෙද සහෝදරියන්ගේ ශරීර අවයව පිළිබඳව අශෝභන ලෙස ප්‍රකාශ නිකුත් කරමින් අසභ්‍ය ලෙස හැසිරුණු ආකාරයෙන්ම, අද මහා සංඝරත්නයට අපහාස කිරීම මගින් ඔහුගේ සැබෑ ස්වරූපය පැහැදිලි වන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මිහිඳු හිමියන් විසින් මෙරටට දායාද කළ මහින්ද සංස්කෘතිය හා මහා විහාර අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳව අමාත්‍යවරයාට කිසිදු අවබෝධයක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.

විද්‍යාලංකාර සහ විද්‍යෝදය වැනි මහා විශ්වවිද්‍යාල බිහිවූයේ මෙම ඓතිහාසික අධ්‍යාපන දිගුවක් ලෙස බවත්, අනුරාධපුරයේ ඉපදී වැලි පෑගූ පමණින් එම උතුම් ඉතිහාසය පිළිබඳව මෙවැනි පුද්ගලයන්ට දැනුමක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 30ක පළපුරුද්දක් ඇති ගුරු-විදුහල්පතිවරුන් ලෙස තමන් මෙරට දරුවන් දහස් ගණනක් ගුණවතුන් කර ඇති බව පැවසූ සුමංගල හිමියන්, "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට පෙර ලාල් කාන්තට අධ්‍යාපනයක් ලබා දී ඔහුව ප්‍රතිසංස්කරණය කළ යුතු" යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ,.

වසර 400ක් පුරා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ මිෂනාරි ආක්‍රමණවලින් මෙරට අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගත්තේ මහා සංඝරත්නය බව උන්වහන්සේ සිහිපත් කළහ.

වත්මන් රජය සිදු කිරීමට යන "අධ්‍යාපන පරිවර්තනය" යනු සංස්කෘතිකව ගොඩනැගුණු අධ්‍යාපනයට 'කුණුහරුප' ඇතුළු කිරීමක් බවත්, එවැනි ක්‍රියාවලට එරෙහිව නොබියව පෙනී සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ

2 Comments

  1. සාදු ගෙ ඇට දෙක උරච්චි කලා නේද ඕක කියපන් කියලා?

    ReplyDelete
  2. අන් අයට නිග්‍රහ කිරීම, ඔවුන් කරනලද යහපත් දෑ හෙලා දැකීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, අපරාධ කිරීම, සහ නොයෙකුත් අශීලාචාර ක්‍රියා වල යෙදීම පහත් පුද්ගලයන්ගේ ස්වභාවය වේ. එමෙන්ම තමන් කරන කියන සියලු දේම නිවැරදි ලෙසම පෙන්වීමට උත්සාහ කිරීම, ඒවායේ අඩුපාඩු පෙන්වා දෙන අයට නිර්දය ලෙස පහරදීම පහත් පුද්ගලයන්ගේ ස්වභාවය වේ.

    ReplyDelete
Previous Post Next Post