රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගණනක් වැනසේ...

 


හැටන් පොලිස්වසමට අයත් ඇරෝල්වත්ත ඉලුක් සහිත රක්ෂිතයේ (18) දින ගින්නක් හට ගෙන ඇත.

හට ගත් ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින අතර, ගින්නෙන් මේ වන විට අක්කර 10ක පමණ කොටසක් විනාශ වී ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාළගුණයත් සමග සතුන් දඩයම් කිරිමේ අරමුණින් හෝ විනෝදාස්වාදය සදහා කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු එම වතුයායට අයත් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් සැක කරන්නේ.

එම රක්ෂිතය තුල ජල මුලාශ්‍ර ගණනාවක් පවතින අතර, ගිනි තැබීම හේතුවෙන් එම රක්ෂිතයේ පවතින ජල මුලාශ්‍රද සිදි යැමේ අවධානමකට ලක් වී ඇත.

මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිලිබද තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පරිසරවේදින් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

2 Comments

  1. ඊශ්‍රායල් යක්ශයො මේ දිනවල ලෝකෙ වටේම වනාන්තර ගිනි තියමින් යනව. ගිය සතියෙ ආජන්ටිනාව, චිලී ගිනි තියපු පරයො අහු වුනා. ලොන්තපෝල් ආණ්ඩුව ලෙස්බියන් ක්‍රියාකාරකම් කොරනව ඇරුනම ආරක්ශාව ගැන වගේ වගක් නෑ.

    ReplyDelete
  2. අධර්මයම තම සියළුම න්‍යායන් හා ක්‍රියාකාරකම් සඳහා හිසමත තබාගෙන සිටින පිරිසක් පාලකයන් බවට පත්කරගත් කල රටටත්, ජනතාවටත් ස්වභාවධර්මයේ පිහිටවත් නැත

    ReplyDelete
Previous Post Next Post