මෙම පද්ධතිය පහුගිය ජනවාරි 8 වන දින පස්වරු 4.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 230 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ අතර, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී.
ඒ අනුව, 2026 ජනවාරි 9 වන දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ මෙය හම්බන්තොට සහ මඩකලපුව අතරින් දිවයිනේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ තද සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.
විශේෂයෙන් හම්බන්තොට, මොණරාගල, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 කට ආසන්න තද වැසි ඇතිවිය හැක.
පවතින ආපදා තත්ත්වය හමුවේ ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල කටයුතු වලින් වැළකී සිටිය යුතු අතර, දැනට මුහුදු ගොස් සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතුය.
තාවකාලික නිවාසවල වසන්නන් ආරක්ෂිත ස්ථාන කරා යා යුතු අතර අනෙක් පිරිස් නිවාස තුළට වී සිටීම ආරක්ෂිත වේ.
නායයෑම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශ සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල විදුලි උපකරණ සහ රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකිය යුතුය.

ආණ්ඩුව මේ සැරේ ඇක්‍ෂන් ගන්න බව පේනව, ඒකෙන් ඉතාමත් පැහැදිලියි මුන් ගිය සැරේ දැනගෙන හිටියෙ නෑ මොකක්ද කරන්න ඕනි කියල. මෝඩ මිනිස්සු මේ කාලකණ්නි ටිකට රට බාර දීල. මුුන් ඉගෙන ගන්න අහින්සක ජීවිත සිය ගානක් බිල්ලට දුන්න. අනිවාර්‍යයෙන් මේ ගැන කවදා හෝ ගැඹුරැ අධ්‍යනයක් කරල වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුමයි.
ReplyDelete