ජනමත විචාරණයකින් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කර ගැනීමේ සූදානමක්...?

 


වත්මන් දේශපාලන තත්ත්වය තුළ කිසිදු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට මාලිමාවට නොහැකි බව තහවුරු වී ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර කිහිපයකින් දීර්ඝ කර ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පලාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රබලයින් පිරිසක් පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී දැනට පවතින තත්ත්වය අනුව ඕනෑම මැතිවරණයකින් මාලිමාව පරාජයට පත්වන බවට කරුණු අනාවරණය වී ඇති බවයි. 

මේ හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ඇතුළු මැතිවරණ නොපැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

වරුණ රාජපක්‍ෂ මහතා පවසන පරිදි රජයේ මුල් සැලසුම වී තිබුණේ 2028 වසරේ ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම වුවද, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිරිහී යාම නිසා එම සැලසුම වෙනස් කිරීමට සිදුව තිබේ. ජනාධිපතිවරයා දුර්වල සහ වැඩ බැරි පුද්ගලයෙකු ලෙස සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් පවතින බැවින්, ජනාධිපතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ නොහැකි බව මෙම පියවරට ටොමුව ඇතැයි හෙතෙම කියයි.

මේ සඳහා විකල්පයක් ලෙස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානම් වන බව ඔහු අනාවරණය කළේය. 

එම සංශෝධනය හරහා නව ව්‍යුහයක් සකස් කරන තෙක් වත්මන් පාර්ලිමේන්තුව තවත් වසර හතරක හෝ පහක කාලයක් පවත්වාගෙන යාම සඳහා විශේෂ වගන්තියක් ඇතුළත් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම රජයේ නව සැලසුම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

13 Comments

  1. Waruna kiyanne pissek

    Mun nisa malimawa lakunu dagannawa
    Sajiyage moda hetta

    ReplyDelete
    Replies
    1. මාලිමාව ඉවරයි. ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. ඩෝබියනේ වෙන රස්සාවක් හොයාගනිල්ලා

      Delete
    2. 😂🤣😃 ඉතින් බැන බැන ඉන්නෙ නැතුව ඡන්දෙ තියන්න කියාපන්කො. අන්න එතකොට බලාගන්න පුලුවන්. කෝකටත් හැංගෙන්න තැන් හදාගෙන ඉඳපන්. මොකද සිංහලයන්ටයි, බෞද්ධයන්ටයි මේ කරන ඒවට ගුටි කන්න වෙන දවස වැඩි ඈතක නෑ. 😄🤣

      Delete
  2. There is no other option in 2030 for floating votes

    NPP is still better even they dont have media power.

    ReplyDelete
    Replies
    1. NPP is good onky for fucking washingtons.

      Delete
    2. NPP was better in lying using all sorts of media. Now the people have understood the gravity of their deception and have understood what the truth is.

      Delete
  3. Npp is planing Plan A , Plan B , plan C
    They know how cheap poltics works

    ReplyDelete
  4. ලාම්පු-කලගෙඩි සෙල්ලම. Warellako

    ReplyDelete
    Replies
    1. Kulal
      Kaganna wipakshe wunta eka dawask andu karanna be

      Delete
  5. මූ කියන ඒවා පිළිගන්න උංගේ මොළේ බලවන්න වෙයි

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව අවසානයි. අනුර ඒ බව දන්නවා

      Delete
  6. පපිස්සෙක්

    ReplyDelete
  7. Jeppo are finished forever but Washington are still washing, because they are lunatics just like their crazy leaders.

    ReplyDelete
Previous Post Next Post