සියළු ආකාරයේ උද්දමනය නගී...

 


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2026  ජනවාරි මාසය සඳහා 2.3% ක් දක්වා වැඩි වී ඇත.  

එය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026  ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  3.3% දක්වා  වැඩි වී ඇති  අතර  2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 3.0% ක්  ලෙසයි.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  1.8%  ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.8%ක් ලෙස නොවෙනස්ව පවතී.



2 Comments

  1. වෙනදට උද්ධමනය වැඩි වුණාම අඬා වැලපිච්ච අමුඩ ජෙප්පෝ සද්දයක්වත් නැත්තෙ මේ වෙනකොට ලෝකෙන් චුත වෙලා ගිහිල්ලද ?.

    ReplyDelete
    Replies
    1. Naki maina meka karanne hi he he

      Delete
Previous Post Next Post