පාස්කු ප‍්‍රහාරයට පියවර නොගත්තැයි ශානිට නඩු දාන්න සාක්‍ෂි නෑ..- නීතිපති අධිකරණයට දන්වයි..

 


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව පියවර නොගත් බවට චෝදනා කරමින්, රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියේ අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. 

එමෙන්ම, රහස් පොලිසිය විසින් පවත්වන ලද විමර්ශනවලට අනුව ඔහුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් මෙහිදී සලකා බලන ලදී. 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන් බැවින්, ඊට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ඉල්ලා අස්කර ගැනීමට අබේසේකර මහතා කටයුතු කළේය.

8 Comments

  1. දැන් ඉතින් නඩුත් හාමුදුරැවන්ගේ ඛඩුත් හාමුදුරැවන්ගේ නේ..

    ReplyDelete
  2. සොරාගේ අම්මගෙන් පේනයක් බලාගත්තා වගේ.🤣🤣😃😃😃🤣🤣

    ReplyDelete
  3. මාලිමාව ගෙදර ගිය මොහොතක ඕකට සාක්කි ඔය නිතීපතිලගෙන්ම ලැබෙනවා සහතිකවම.

    ReplyDelete
    Replies
    1. මාලිමාව ගෙදර යනවා කියලා ඔයා හිතාගෙන ඉන්නව නේද සර්? අනේ පව්. ටිකක් වෙලා යයි හැබැයි.

      Delete
    2. වැඩ බැරි පච ආප්ප කොලු ආණ්ඩුව අනිවාර්යෙන්ම ගෙදර යනව තමය්

      Delete
  4. නීතිපතිට එක ධන (+1) ලැබුණා.

    ReplyDelete
  5. පැලවත්තෙ ඩෝබිල එන්න​!!!, නීතිපති පුපිරි පොරක් කියමු ස​ඕදරය​​.

    ReplyDelete
  6. කොයි සෙල්ලම් මෙලොව ඉන්න තෙක් දැම්මත් ලඟදීම යන තැනදී තොපි එකෙකුට වත් කල්ප ගානකට ගැලවීමක් නෑ 🤮😡

    ReplyDelete
Previous Post Next Post