හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම (20) එම සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
හැටන්
නගර මධ්‍යයේ නගර සභාවේ අනුමැතියකින් තොරව මාළු සහ කුකුල් මස් ඇතුලු වියලි ආහාර
අලෙවි කිරිම සදහා ව්‍යාපාරිකයෙකු විසින් හැටන් දික්ඔය නගර සභාවේ අනුමැතියක් ලබා
නොගෙන වෙළදසැලක් ඒ සදහා නවීකරණය කිරිම සහ එම වෙළදසැල පවත්වාගෙන යෑමට ව්‍යාපාරිකයෙකු
විසින් ව්‍යාපාරික බලපත්‍රයක් නගර සභාවෙන් ලිඛිතව ඉල්ලීමත් සමග ආණ්ඩු පක්ෂයේ සහ
විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
හැටන්
දික්ඔය නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී නුවන් ප්‍රියදර්ශන මහතා සභාව හමුවේ කියා
සිටියේ හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් නගරයේ මස් මාංශ අලෙවි කිරිම සදහා හැටන්
මහජන වෙළදපොළ භූමිය වෙන්කර තිබියදි නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ව්‍යාපාරිකයාගෙන්
ලක්ෂ 75ක මුදලක් ලබා ගෙන එම වෙළදසැල පවත්වාගෙන යෑමට බලපත්‍රයක් ලබා දීමට එම මන්ත්‍රීවරුන්
උත්සහ කරමින් සිටින බවයි.
හැටන්
දික්ඔය නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වෛද්‍ය චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා හැටන්
දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලකගෙන් කරුණු විමසමින් අසා සිටියේ එවැනි වෙළදසැලක්
ඉදි කිරිමට නගර සභාවෙන් අනුමැතියනක් ලබා ගෙන තිබේද යන්න පිලිබදවයි.
එවැනි
අනුමැතියක් ලබා ගෙන නොමැති බව ආදායම් පරිපාලකවරයා සභාව හමුවේ පැවසීමත් සමග වෛද්‍ය
චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා කියා සිටියේ පළමුව ඒ සදහා නිතිමය පියවර රැගෙන එම
වෙළදසැල විවෘත කිරිම සදහා බලපත්‍රයක් නිකුත් කිරිම සම්බනිධයෙන් සභාපතිවරයාට
තිරණයක් ගන්නා ලෙසයි.
හැටන්
දික්ඔය නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන අලග මුත්තු නන්ද කුමාර් සහ සුප්පයියා කේසව
මුර්ති යන මහතුන් කියා සිටියේ එම වෙළදසැල විවෘත කිරිමට නිතියානුකුල බලපත්‍රයක් ලබා
නොදුන හොත් එම ව්‍යාපාරිකයා සභාවට එරෙහිව නිතිමය පියවර ගැනිමට ඉඩ ඇති නිසා එම ව්‍යාපාරිකයාට
සාධාරණයක් ඉටු කිරිමට කටයුතු කරන ලෙසයි.
මෙහිදි
සභාව හමුවේ අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභෘවේ සභාපති අසෝක කරුණාරත්න මහතා කියා
සිටියේ හැටන් දික්ඔය නගර සභාවේ මත්ස්‍ය වෙළදසැලක් මහජන වෙළදපොලේ නගර සභාව සතු කඩ
කාමරයක පවත්වාගෙන යැමට නගර සභාව මගින් ටෙන්ඩර් පත් කැදවා නගර සභාවට විශාල ආදායමක්
ලබා ගෙන එම මත්ස්‍ය වෙළදපොළ පවත්වාගෙන යැමට නගර සභාවෙන් අනුමැතිය ලබා දී ඇති බවයි.
හැටන්
නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළදසැලක් පවත්වාගෙන යෑමට අවසර ලබා දුන හොත් එම ව්‍යාපාරිකයාටද
නීතිය හමුවට යැමට ඉඩ අවස්ථාව ඇති බවත්, මෙම කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත්
පාලන කොමසාරිස්වරිය සමග සාකච්ඡා කර තිරණයක් ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ
සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියා.
හැටන්
නගරයේ දැනට මත්ස්‍ය ව්‍යාපාරය සිදු කරන ව්‍යාපාරිකයන් පිරිසක් අලුතින් මත්ස්‍ය
වෙළදපොළක් විවෘත කිරිමට විරෝධය පා සභාවට ලිපියක්ද ඉදිරිපත් කර තිබු අතර, එම පිරිසද
(20) දින නගර සභා රැස්වීම දැක බලා ගැනීමට පැමැණ සිටියහ.
- රංජිත් රාජපක්ෂ
