කවුරුන් මොන තරම් අකුලන්න හැදුවත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවාමයි...- ජනපති

 


කවුරුන් කිනම් ආකාරයකින් අකුළන්නට උත්සාහ කළත් නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

දිගුකාලීනව පවතින මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මහා සංඝරත්නය මෙන්ම පොදු ජනතාව ද සෑහීමකට පත් නොවන බවත්, එය දෙමව්පියන්ට විශාල බරක් සහ දරුවන්ට පීඩාවක් ගෙන දෙන පද්ධතියක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අධ්‍යාපනඥයින් විසින් කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කරන ලද මෙම වෙනසට රජය මේ වන විට අත තබා ඇති බවත්, එම ක්‍රියාවලියට එරෙහිව විවිධ වර්ගයේ පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ අවලාද පතුරුවමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගම්බද පවුල්වල පවතින දුප්පත්කමේ විෂම චක්‍රයෙන් මිදීමට ඇති මූලිකම මග අධ්‍යාපනය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, "ගෙදර කොල්ලා ඉගෙන ගත්තොත් පවුලම ගොඩ යනවා" යන ජනප්‍රිය කතාබහ යථාර්ථයක් බවට පත් කළ යුතු බව පැවසීය.

වර්තමානයේ දරුවෙකු පාසල් යාම හෝ උසස් පෙළ හැදෑරීම පවා පවුලකට දරාගත නොහැකි ආර්ථික බරක් වී ඇති තත්ත්වය වෙනස් කර, ලෝකයේ ඕනෑම රටක් සමඟ හැප්පිය හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ශ්‍රී ලාංකේය දරුවන්ට උරුම කර දීම රජයේ අභිප්‍රාය බව ඔහු තහවුරු කළේය.

මෙම නව වෙනස්කම් මගින් දරුවන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් සහිත අධ්‍යාපනයක් ලැබීමටත් අවශ්‍ය පරිසරය සැකසෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

8 Comments

  1. අධ්‍යාපන නවීකරණයට විරුද්ධ වන්නේ බුරුවන් වන අතරම එය උද්ධච්ච ආකාරයට කරන්නේ කොටළුවන් ය.

    ReplyDelete
  2. රටම විරුද්ධ වෙන්නේ කුපාඩි කුනුහරුප ඉගැන්වීම් වලට මිස හොද ප්රතිසංස්කරණ වලට නොවෙයි. ලොක්කට දැන් රෙවිලා නේද ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තව කට කියවාපන් මෙච්චර දෙයක් වෙලත් ලැජ්ජාවක් නෑ බයක් නෑ ජේවීපී එකට වඩා දේව උදහස බියකරුයි . තවත් රටේ බුදු දහම විනාශ කරන්න රටේ දරුවන් විනාශ කරන්න රුකුල් දෙන්න ඔන්න භූමි කම්පා ඇවිල්ල අයේ ජල ගැලීම් එනවා මඩකලපුවෙ මුහුදේ දහස් ගණන් මාළු මැරිල වෙරල ට ගහලාඒ මේවා ආණ්ඩු වට සොහොන් ලකුණු තව කරපල් ලා ජාතිය ට ආගම ට කෙනෙහිලි කම්

      Delete
  3. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට කිසි කෙනෙක් විරුද්ධ නැත. කුඩා දරුවන්ගේ පෙලපොතේ අසභ්ය වෙබ් අඩවි පලකොට ඒ හරහා සමලිංගිකත්වය ප්රවර්ධනයට තමා හැමෝම විරුද්ධ. තවදුරටත් බොරු කීම නවත්වන්න.

    ReplyDelete
  4. PLEASE DO NOT LET HISTORY IN TO SYLABUS. WE ARE XXX

    ReplyDelete
  5. මිනිහෝ අපිත් අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට විරුද්ධ නෑ නමුත් තමුන්ගේ අධ්‍යාපන ඇමැති ගෑනි අපේ ලමුන්ගෙ උපන්ලිංගික දිශානති වෙනස් කරන්න සිදුකරන උත්සාහයට තමුන් මොන විඳියට ආවාත් අපි ඉඩ දෙන්නේ නෑ තමුසෙ අපිව මරල තමයී ඒවා කරන්න වෙන්නේ .තමුසෙ මහා හින මාන කාරයෙක් නේ .මෙක වැර දුන කියන්න නිහ ත මා නි වෙනවා එහෙම උනොත් තමුසෙ ව අපි පිලි ගන්නව සියලුම අකා ර යේ LGBTQ අධ්‍යාපනය පාසල් දරුවන් ට දෙන්නේ නෑ කියලා ජනතාවට පොරොන්දු වක් දෙනව. තමුසෙට ඕන ජනතාව ද හැරිණි ගෑනි ද

    ReplyDelete
  6. අනුරත් මෙහෙම කියනවනම් කා ගැනද බලාපොරොත්තු තියන්නේ, අවසානයේ ලක්ෂ ගනන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යන තත්වයක් තියෙන්නේ. හැබැයි පුතෝ චන්දයක් එනකොට ආයි බයිලනම් ගහන්න එපා.

    ReplyDelete
Previous Post Next Post