මැති ඇමති නිල නිවාස පුද්ගලික අංශයට වසර 30කට...


පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. 

එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය තාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිතආයතන මෙන්ම High-end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, මූලික ව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය (PPP) යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30 ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීමට සැලසුම් කර තිබේ. 

ඒ සඳහා යෝග්‍ය ආයෝජකයින් හඳුනා ගැනීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

7 Comments

  1. ඔන්න ඕවට තමයි අපි ඉතාලියේ ඉඳන් තකහනියෙ ඇවිත් බැහැලා වැඩ කලේ. එළ කිරි.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි. අපි ඊළඟ චන්දෙදිත් එනවා, අපේ ජනාධිපති තුමා නැවත පත් කරගන්න.

      Delete
  2. මේ තක්කඩි ජෙප්පො කරන්නෙම මෝඩ තකතීරු වැඩමයි. ආණ්ඩුවේ හොඳම වාහන 2000 විතර වෙන්දේසියේ දාලා ගජයන්ට කුණුකොල්ලෙට විකුණුවා. දැන් ඒවාට ගත්ත මුදල් වගේ දස ගුණයක් වියදම් කරලා කැබ් 1750 ගෙනෙනවා. ඇමති නිවාසත් ඒ විදියටම ගජයන්ට දීලා මුන්ට නතරවෙන්න 5 ස්ටාර් හෝටලයක් හදයි.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට බලය දීලා තියෙන්නෙ අවුරුදු 5 ට නිසා තව අවුරුදු 4 න් ගෙදර යනවා. ඒ නිසා අවුරුදු 30 බලපාන කුලියට ඔය ගෙවල් දෙන එක සදාචාර විරෝධීයි.

      Delete
    2. තව අවුරුදු 4 න් ගෙදර යනව කියල ගොන්නු හිතාගෙන ඉන්නවා.
      ටිකක් රෑ වෙයි හැබැයි.

      Delete
  3. ජෙප්පො අවුරුදු 100 බලයේ හිටියත් මහින්ද අවුරුදු 10 න් කරපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලින් 10% වත් කරන්න බැහැ. රනිල් හදපු වැල් පාලම තිබුණෙ නැත්නම් මේ වෙනකොට ආර්ථිකය කඩාගෙන වැටිලා මහජනතාව පෝලිම්වල මැරෙනවා.

    ReplyDelete
  4. ඒකනෙ රටට මෙහෙම උනේ සිංඤො.
    උන් සංවර්ධනේ ගගා ඇරිය ඇරිල්ලක් වැලි දාල. මේ යන හැටි හොඳටම හොඳයි.

    මහන්සි වෙලා වැඩක් කරන්න ඉගෙන ගනින් හැමදාම පිනටම කකා ඉන්නැතුව

    ReplyDelete
Previous Post Next Post