දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට දුන් මහින්ද දකුණේ ජනතාව පාරට ඇද දාලා..

 


දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇතැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන පවසයි.

තමන්ද මහින්ද රාජපක්ෂට විරුද්ධ බවද ඔහු අපේ දෙවියන් නොවන බවද පැවැසීය. 

දකුණේ ජනතාවට අද උතුරේ නිදහසේ ඇවිදින්න හැකිවී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ නිසා බවද එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අපි ජාතිවාදයට විරුද්ධයි. දකුණේ ජනතාවට පුළුවන් තරම් උතුරට ඇවිල්ලා උතුරේ තත්ත්වය දැකබලා ගන්න ඕනි. උතුරේ ජනතාවත් දකුණට එන්න ඕන. මාත් දකුණේ කෝවිල්වලට යනවා. 

ඒ නිසා කවුරු හරී ජාතිවාදය අවුස්සන කතා කියනවා නම් ඒකට අපි විරුද්ධයි. උතුරේ ජනතාව දකුණට එන්න ඕන නැහැ, දකුණේ ජනතාව උතුරට යන්න ඕනෑ නැහැ කියන කතාවලට මං විරුද්ධයි.'' යැයිද රාමනාදන් අර්චුනා පවසයි.

2 Comments

  1. Me manussayata therena de ara doobi higana hatthata therenne nathi hati

    ReplyDelete
  2. කව්ද හොරා මහින්ද හොරා කියපු රනිල් නිසානේ බං

    ReplyDelete
Previous Post Next Post