මේ දිනවල නුවරඑලියේ සංචාරය සදහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පැවසීය.
එසේ
පැමිණි සංචාරකයන් නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත ගොස් නුවරඑලිය සංචාරයේ මතක
සටහන් තැබීම සදහා එරට ඔවුන්ගේ ලිපිනයට තැපැල් කාර්යාලයේ සිට තැපැල්පත් යොමු කරන
ආකාරය අප කැමරාවේ මෙසේ සටහන් විය.
නුවරඑලිය
සංචාරයෙන් පසුව එම පිරිස අඹේවෙල දුම්රිය ස්ථානය වෙත ගොස් ඇල්ල දක්වා ගමන් කිරිමටද
සැලසුම් කර ඇති බවයි එම විදේශිකයන් සමග පැමිණි මග පෙන්වන් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
