ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ ඊට අනුගාමීව මෙරට රත්‍රං මිලෙහිද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
අද (28) දින වාර්තා වන පරිදි ලෝක වෙළෙඳපොළේ රන් ඒකකයක මිල ඇමරිකානු ඩොලර් 5,250ක මට්ටමකට පැමිණ තිබේ.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ මඟින් නිකුත් කරන ලද නවතම මිල දර්ශකයන්ට අනුව, රන් පවුමක මිල රුපියල් 10,000ක සමස්ථ අගයකින් ඉහළ ගොස් ඇත.
මේ අනුව විවිධ කැරට් 22 රන් පවුම: රු. 374,600 කි. ඊයේ දිනයේ රු. 394,000ක්ව පැවති කැරට් 24 රන් පවුම අද වන විට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
